අලි ඇතුන් 14 දෙනා මුල් අයිතිකරුවන්ට භාරදීමේ තීරණය යළි සලකා බලන්න – පරිසර යුක්ති කේන්ද්‍රය අද අධිකරණයෙන් ඉල්ලයි

109

නීති විරෝධී අන්දමින් සන්තකයේ තබාගෙන සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ අලි ඇතුන් 14 දෙනෙකු මුල් අයිතිකරුවන්ට යළි භාර දෙන ලෙසට පසුගිය 06 වැනිදා ලබාදුන් නියෝගය නැවත සලකා බලන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් එස්. ප‍්‍රභාකරන් මහතා ඉදිරියේදී අද (16දා) කරුණු දැක්වීමට නියමිතය.

එලෙස මුල් අයිතිකරුවන්ටම යළි භාරදෙන ලෙසට අධිකරණය විසින් නියෝග කළ අලි ඇතුන් 14 දෙනා අතරින් එක් ඇතින්නක උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා තිබියදී පැටවකු බිහිකර තිබුණි. අලව්ව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු නීති විරෝධී අන්දමින් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් එම ඇතින්න බිහිකළ පැටවා මේ වනවිට මාස හතරක් පමණ වයසැති සතෙකු වන බවත් අධිකරණය විසින් නියෝග කර ඇත්තේ මවු ඇතින්න මුදාහැරීමට වන බැවින් එම පැටවා මුදා හැරීම සම්බන්ධයෙන් ගැටලූ සහගත තත්ත්වයක් පවතින බවත් පෙන්වාදෙන පරිසර යුක්ති කේන්ද්‍රය ඒ පිළිබඳවද අධිකරණයේ අවධානය අද යොමු කිරීමට අපේක්ෂා කරන බවත් ‘දිවයිනට’ පැවසීය

රජයේ දේපළක් වන අලි ඇතුන් එලෙස මුල් අයිතිකරුවන්ටම යළි මුදා හැරීම නීති විරෝධී වන බවත් එය නීතිය වටහා තේරුම් ගෙන කළ නියෝගයක් බවත් පරිසර යුක්ති කේන්ද්‍රය පසුගිය 13 වැනිදා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිනි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment