අලි ඬේ පසුකර ගිය රොනාල්ඩෝ වාර්තාව අලූත් කරයි

227

ලෝක පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක‍්‍රීඩකයා වශයෙන් ලෝක වාර්තාවක් පිහිටුවීම පෘතුගාල පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් විය. ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ පාපන්දු තරගයකදී අයර්ලන්තයට එරෙහිව ගෝල දෙකක් ලබා ගනිමින් එම දස්කම් ප‍්‍රදර්ශනය කළ රොනාල්ඩෝ විසින් මෙසේ බිඳ දමනු ලැබුවේ ඉරාන ක‍්‍රීඩක අලි ඩෙයි විසින් පිහිටුවා තිබූ වාර්තාවකි.

 1993 වසරේ සිට 2006 වසර දක්වා කාලය තුළදී ඉරාන ක‍්‍රීඩක අලි ඬේ විසින් ලබාගෙන තිබූ ගෝල සංඛ්‍යාව 109කි. පසුගිය යූරෝ තරඟාවලියේදී ගෝල 109 සීමාවට පැමිණි රොනාල්ඩෝ අයර්ලන්තයට එරෙහිව පැවැති මෙම තරගයේදී සිය 110 වෙනි සහ 111 වෙනි ගෝල වාර්තා කළ අතර එම ගෝල දෙකම ඔහු විසින් හිසින් එල්ල කර ලබාගත් ගෝල වීම විශේෂත්වයකි.

 රොනාල්ඩෝගේ මෙම දක්ෂතාවයත් සමඟ අදාළ තරඟයේ දී අයර්ලන්තයට එරෙහිව ගෝල 2-1ක ජයක් ලැබීමට පෘතුගාලයට හැකිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment