අලි තර්ජන නිමක් නෑ අහන්න බලන්න කෙනෙක් නෑ – මැති ඇමැතිලාට ගොවි ගම්මාන 05 ක විරෝධය

140

මොරගහකන්ද ජලාශයට යාබදව පිහිටි ගම්මාන 05 ජනතාව නිරතුරුව සිදුවන වන අලි ගැටලූව හේතුවෙන් සිය වගා බිම් විනාශ වී ඇතැයි පවසමින් සිය වගා බිම්වල දී විරෝධතාවක් දැක්වූහ.

අලි තර්ජන නිමක් නෑ  අහන්න බලන්න කෙනෙක් නෑ  - මැති ඇමැතිලාට ගොවි ගම්මාන 05 ක විරෝධය

අස්වනු නෙළීමට ආසන්නව ඇති බතල හා මිරිස් වගා වන අලින් විසින් විනාශ කර ඇති බව පවසමින් විරෝධතාවට එක්ව සිටියේ නාඋල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බඹරගහවත්ත, පුබ්බිලිය, හැළඹගහවත්ත සහ මාරාගමුව ප‍්‍රදේශවාසීන්ය.

යල මහ කන්නවල වැසි ජලයෙන් ද අනෙක් කාලවල වගා ළිං සහ දුර බැහැර පිහිටි ළිංවලින් ද ජලය සපයා ගනිමින් කුඹුුරු අක්කර 1500 පමණ ප‍්‍රදේශයක් ඔවුහු අස්වද්දති. දිගු කලක් පුරා දිවා ? දෙකෙහිම වන අලින්ගෙන් සිදුවන හානි වළකා දෙන්නැයි අලින් විසින් විනාශ කරන ලද බතල වගාවේ අස්වනු පොළවේ ගසමින්, ගොවීහු සිය විරෝධය පළ කර සිටියහ.

අපි මේ ආණ්ඩුව හදන්න දර දිය ඇදපු අයයි, ඒත් දැන් පොහොර ටික නෑ. බෙහෙත් ටික නෑ යයි පැවසූ ගොවීහු වගා බිම් ආසන්නයෙන් අලි වැට ඇද ඇතත් එය අක‍්‍රියව ඇති බව පෙන්වා දෙමින් මැති ඇමැතිවරුන් තම ගැටලූ සොයා නොබලන බවට මැසිවිලි නැගූහ.

නාඋල – කණහැරආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment