අලි නම යළි එයී

365

සීයාගේ කලිසම කරළියට ගෙනා නිකො අලි


 මුහම්මද් අලි. ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා. අලිගේ බොක්සිං ක‍්‍රීඩා පරිච්ෙඡ්දය වසර 15 යි. ඒ අතර තෙවරක් ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා වුණා. 1960 වසරේදී හෙවිවේට් බොක්සිං රන් පදක්කමක් අලි දිනා ගත්තා. එතැන් පටන් අලිගේ බොක්සිං ජීවිතය පමණක් නොවේ මුළු ජීවිතයම වෙනස් වුණා.

 එතෙක් අන්ත දිළින්දෙකුව සිටි අලි එතැන් පටන් බිලියනපතියෙක් වුණා. අලිගේ දිළිඳුකම අතීතයේ කෙතරම්ද යත් වරෙක ඔහු ඇමෙරිකානු කෝටිපතියකුගේ නිවසේ වැසිකිළි සේදීම, මිදුල අතු ගෑම, පොළව පොලිස් කිරීම, වැට කැපීම සහ මුර කිරීම ආදියත් සිදු කළා. ඒ කෝටිපතියාගේ නම විලියම් රේනෝල්ඞ්ස්. (රේනෝල්ඞ්ස් තමයි එකළ අලීගේ බොක්සිං කළමනාකරු.) සිය කළමනාකරු විසින් අලිට ලබාදුන් රස්සාවට අදාළ කාර්යන් තමයි ඉහතින් සඳහන් කළේ.

 ඒ රස්සාව කරන කාලයේ අලිට ආහාර ලබා දී තිබෙන්නේ බල්ලන්ගේ

 පි`ගන්වල. ඒ රස්සාවට අදාළ සියලූ දේවල් හරියට කර තිබුණොත් පමණක් රෙනෝල්ඞ්ස්ගේ නැන්දාගේ අනුමැතිය මත අලිට බොක්සිං පුහුණුවට යා හැකියි. රෙනෝල්ඞ්ස්ගේ නාන්දාගේ කාර් එක වරක් ඇල්ලූ වරදට කාපිරියා වහාම කාර් එක හෝදපං කියලා බැනුම් අහපු අලි එවැනි කාර් දහස් ගණනක් ගැනීමට තරම් කෝටිපතියකු බවට පසුව පත් වූවා.

 1960 රෝම ඔලිම්පික් රන් පදක්කමින් පසුව අලි වෘත්තීමය බොක්සිං තරගවලට සම්බන්ධ වුණා. රන් පදක්කමින් සිය ජීවිතයට ආලෝකය එකතු කර ගත්තත් එය අලිට මානසික වධයක් වූ බවයි වාර්තා වෙන්නේ. සුද්දන්ට බැලමෙහෙවර කර දිනා ගත් එම පදක්කම තමන්ට වධයක් යැයි කියු ඔහු එම පදක්කම ග`ගට විසි කර තිබෙනවා.

 වසර 2016 ජුනි මස 03 වැනිදා අලි මියගියා. ඒ පාකින්සන් නමැති ශරීරය වෙව්ලන රෝගයකින් පීඩා විඳිමින් අනතුරුව. මුහම්මද් අලි ඒ වන විට උපයා තිබූ මුදල ඇමෙරිකානු ඩොලර් තුන් කෝටි දොළොස් ලක්‍ෂ පනස් එක්දහස් එකසිය පහළොවක් බවට වාර්තා වෙනවා. ශ‍්‍රී ලංකා මුදලින් එය රුපියල් කෝටි 600 කට වැඩියි.

 මුහම්මද් අලි නම් එම අසහාය බොක්සිං තරුව ගැන මතකය ස්මරණය කරන්න වුණේ තවත් අලි කෙනෙක් නිසා. ඔහු නිකො අලි වොල්ෂ්්. නිකො අලි වොල්ෂ් යනු මුහම්මද් අලිගේ මුණුබුරු මිණිබිරියන් අතර එක් අයෙක්. නිකො අලිත් බොක්සිං ක‍්‍රීඩකයෙක්. පසුගියදා ඔහු සිය පළමු බොක්සිං තරගයට සහභාගි වුණා.

 හැබැයි අලිගේ පරපුරෙන් පළමු වරට නමක් දිනූ බොක්සිං ක‍්‍රීඩකයා හෝ ක‍්‍රිඩිකාව වෙන්නේ නිකො අලි නොවේ. නිකො අලිට පෙර ලයිලා අලි වෘත්තීමය බොක්සිං ක‍්‍රීඩිකාවක් ලෙස වසර අටක් පුරා බොක්සිං වළල්ලේ සටන් වැදුණා. නිකො අලිගේ මව සහ ලයිලා අලි සහෝදරියන් වෙනවා. නිකොගේ මව රෂෙඩා අලි. මුහම්මද් අලිගේ තවත් එක් දියණියක් වන රෂෙඩා අලිගේ පුත් නිකො අලි පසුගියදා ඔහු සටන් වැදුණ පළමු වෘත්තිමය බොක්සිං තරගයෙන්ම ජය ගත්තා.

අලි නම යළි එයී



 නිකො අලි එදා තරග වැදුනේ මුහම්මද් අලි වන තම සීයා විසින් ඔහුට ලබා දුන් කොට කලිසම ඇඳගෙනයි. ජයග‍්‍රහණයෙන් පසුව නිකො අලි මුහම්මද් අලි ගැන ගෞරව පූර්වකව සිහිපත් කළා.

 මගේ සීයාට මා ගරු කරනවා මට ඔහු නිතර සිහි වෙනවා. මම ඔහුට ආදරෙයි.

 නිකො අලි සිය ජයග‍්‍රහණයෙන් පසුව ප‍්‍රකාශ කළා. නිකො අලිගේ පළමු සටන තත්පර 70 කට සීමා වුණා. ප‍්‍රතිවාදී ක‍්‍රීඩිකයා වුණේ ජෝර්දාන් වීක්ස්. අලිගේ පහරින් වීක්ස් දමනය වුණා. බොක්සිං ක‍්‍රීඩාවට අමතරව නිකො අලි ව්‍යාපාර උපාධිය හදාරමින් සිටිනවා.

 ”මේ ජයග‍්‍රහණය මගේ සීයා වෙනුවෙනුයි. ඔහු මේ ලෝකේ සිටිය දක්‍ෂතම සටන්කරුයි. ඒ වගේම හොඳම පුද්ගලයායි. මම නැවතත් සීයා දුන් කලිසම අ`දින්නෙ නැහැ. එය මා සුරක්‍ෂිතව තබා ගන්නවා.” නිකො පැවසුවා.

 මුහම්මද් අලි කෙතරම් ශ්‍රේෂ්ඨ ක‍්‍රීඩකයෙකු වූවාද යත් ඔහුගේ දේහය අවසන් කටයුතු කරා රැුගෙන යෑමේදී ලක්‍ෂයක් පමණ ජනතාව ඔහුට අවසන් ගෞරව දැක්වීමට මග දෙපසට පැමිණ සිටි බවට වාර්තා වෙනවා.

 මුහම්මද් අලිගේ පරම්පරාව ඉදිරියට ගෙන යෑමට නිකො තැබූ පළමු පියවර පසුගිය 14 වැනිදා සාර්ථක වුණා. ඒ සාර්ථකත්වය ඉදිරියටම ගිය හොත් අලි නම යළිත් බොක්සිං වළල්ලෙන් ඇසෙනු ඇති.


 කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment