අලි පහරදීමකින් ඇතිවූ ‘ අලි කෙළි ‘

278

අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ අලියකු පහරදීම හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගිය අවස්ථාවේදී ප්‍රදේශ වාසීන් විරෝධය පෑම නිසා ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩිතැබීමක් සිදුකර ඇත.

එම ස්ථානයේ රැස්ව සිටි ප්‍රදේශවාසීන් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය සහ එම පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.එහිදී පිරිස අතර සිටි අයෙකු විසින් එල්ලකළ ප්‍රහාරයකින් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment