අලි පැටියා මාළු දැලත් අරන් ගොඩට ඇවිත්…

1110

මොරවැව මහ වැවේ මාළු අල්ලමින් සිටි ධීවරයන් පිරිසකගේ මාළු දැලක පැටලී සිටි කුඩා වන අලියකු 21 දා අළුයම 2.00 ට පමණ ගොඩට විත් ඇති අතර පැටවා දැලෙන් ගලවාගෙන මොරවැව වනජීවී කඳවුරට භාරදී ඇත.

අලි පැටියා මාළු දැලත් අරන්  ගොඩට ඇවිත්...

අඩි දෙකහමාරක් පමණ උසැති මාස 2ක් පමණ වයසැති අලි පැටවාගේ සාමාන්‍ය තුවාලවලට ප‍්‍රතිකාර පිණිස මින්නේරිය ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය වෙත බාරදී ඇත.

වන අලි 50 ක රංචුවක් රාත‍්‍රි කාලයට කැලයෙන් එළියට පැමිණ පාන්දර යාමයේ යළි වනයට යන බවත් ඒ යන අතරතුර මෙම පැටවා මඟහැරී ඇති බවත් ගම්වාසීහු පැවසූහ.

මොරවැව වනජීවි අඩවි සහකාර වික‍්‍රමසිංහ, වනසත්ව නියාමකයින් වන පසිඳු, කුමාර කෙෂ්ත‍්‍ර සහකාර මයුරන් යන නිලධාරීන් මෙහෙයුමට සහභාගි වූවෝ වෙති.

ඡායාරූපවලින් දැක්වෙන්නේ අලි පැටවා දැලෙන් මුදා ගෙන ගොඩට ගෙන ආ අයුරු හා ගිරිතලේට රැගෙන යෑම සඳහා වනජීවී නිලධාරීන් භාරයේ සිටි අයුරුය.

කන්තලේ – ඩබ්. එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment