අලි – පොහොට්ටු හවුලට ගමට යන්න බෑ

76

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

නව වසරක් උදාවෙනවා. 2023 සාර්ථක අවුරුද්දක් වෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. කිරිබත් කෑල්ලක් කන්න බැරි තත්ත්වයට ජනතාව පත්වෙලා. ජනගහනයෙන් 55% ක් තුන්වේල කන්නෙ නෑ යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

2023 ටත් ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැහැ. පොදුජන පෙරමුණේ අයට නම් බදු බර ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් ජනතාවට දරාගන්න බැහැ. පළාත් පාලන මැතිවරණයට සමගි ජනබලවේගය ඉතා හොඳින් සූදානම් වෙනවා. පොහොට්ටුව හා අලියා එකට එකතු වෙලා යනවා. අලි – පොහොට්ටු හවුලට ගමට යන්න බෑ.

ඡන්දය කල්දාන්න නීතිමය ප්‍රතිපාදනයක් නෑ. ඡන්දය කල් දැමීමට උත්සාහ කළොත් ඒක සියදිවි නසා ගැනීමක්. එසේ වුවහොත් නැවත ජන අරගලයක් එන්න පුළුවන්. ඡන්දය කල් දැම්මොත් අපි අධිකරණයට යනවා. විදුලි බිල නැවත වැඩි කිරීම ජනතාවට දරාගන්න බැහැ. විදුලි බිල වැඩි කිරීම සුදුසු නැහැ. 2022 දේශපාලන ඉතිහාසයේ කිසි දිනක අමතක නොවන වසරක්. ලක්‍ෂ 69 කින් බලයට ආ ජනාධිපති කෙනෙක් ගෙදර යවපු වසරක්. 2023 අපේ මූලික සැලැස්ම වන්නේ ජනතාවගේ ආර්ථිකය බිඳවැටීම වැළැක්වීමයි. මේක මැතිවරණ වසරක් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා යැයි තිස්ස අත්තනායක මහතා විජේරාමයේ පැවැති උත්සවයකින් අනතුරුව කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment