අලි යළි ටෙස්ට් පිටියට නොඑයි

256

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග වලදී වැඩිම කඩුලූ ලාභීන් අතර තෙවැනි ස්ථානයේ පසුවූ මොයින් අලි ටෙස්ට් කි‍්‍රකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

34 හැවිරිදි වියේ පසුවන මොයින් අලි මේ වන විට ටෙස්ට් තරග 64 කදී එංගලන්තය වෙනුවෙන් කඩුලූ 195 ක් ලබාගෙන ඇති අතර ඔහු 2014 වසරේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් වරම් ලබා ඇත.

ටෙස්ට් තරගවලින් සමුගත්තද තවදුරටත් සීමිත ඕවර තරග සඳහා ක‍්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති අලි ඉන්දීය කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවැති ටෙස්ට් තරගාවලිය අතරතුර කොවිඞ් 19 රෝගයටද ගොදුරු වූවේය.

advertistmentadvertistment
advertistmentadvertistment