අලි සබි්‍ර රහීම් ගැන තීරණයක් ගන්න පක්ෂ නායකයින් කැඳවනවා- කථානායක

134

ඩුබායි සිට නීති විරෝධීව රත්‍රං සහ ජංගම දුරකථන මෙරටට ගෙනා පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මහතා සම්බන්ධයෙන් රේගු නිලධාරීන් සිදුකළ විමර්ශනයේ වාර්තාව තමාට ලැබුණු බවත් ඔහු පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට ළඟදීම පක්ෂ නායකයන් කැඳවන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ ට පැවසීය.

අලි සබි්‍ර රහීම් මහතා තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ සිටිනවාද නැද්ද පිළිබඳව එහිදී සාකච්ඡා කරන බව ද හෙතෙම කීවේය.

මෙම විමර්ශන වාර්තාව ලබාදෙන ලෙස කථානායකවරයා රේගු නිලධාරීන්ගෙන් ඉල්ලා තිබිණි.

මේ අතර මෙම රේගු වාර්තාව පක්ෂ නායකයන් වෙතද කථානායකවරයා විසින් ලබාදෙනු ඇත.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment