අලුත්ගම ස්ථාන දෙකකට සීල් – කන්න බැරි සහල් කිලෝ දහසය දහසක් දැලේ

88

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කිරීමට ඇසුරුම් කරමින් සිටි ස්ථාන දෙකක් වටලා සහල් කිලෝ දහසය දහසක් සොයා ගෙන ව්‍යාපාරික ස්ථාන දෙක මුද්‍රා කළ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

අලුත්ගම දර්ගා නගරයේ සහ බේරුවල සහල් ගබඩාවක් සහ සහල් පිරිසිදු කර ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයක් මෙසේ මුද්‍රා තැබූ බව එම ප්‍රකාශකයා පැවසීය.

බේරුවල පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ පොලිසිය එක්ව 04 වැනිදා රාත්‍රි මෙම වැටලීම කර තිබේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ සහල් තොග ගබඩාවකින්, සත්ව ආහාර සඳහා යැයි පවසා අලුත්ගම ප්‍රදේශයට රැගෙන විත් එහිදී අපද්‍රව්‍ය කොටස් ඉවත් කර අලුත්ගම, බේරුවල, මග්ගොන සහ පයාගල ඇතුළු ප්‍රදේශවල ආපන ශාලාවලට අඩු මුදලට අලෙවි කර ඇති බවට හෙළිව ඇතැයි සඳහන් වේ.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පොතුපිටිය  ආර්. ඒ. එස්. ප්‍රේමතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment