අලුත්ම ඡන්ද ලක්ෂ 10ක්

89

ඉකුත් ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අලුතෙන් ඡන්ද දායකයන් දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් එක්වනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

2019 ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයකි. 2023 ඡන්ද නාමලේඛණයේ ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ ලක්ෂ හැටතුන් දහස් තුන්සිය තිස්හතරකි.

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙනුයේ 2024 නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව වන නිසා තවදුරටත් නව ඡන්ද දායක සංඛ්‍යාව වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2024 නව ඡන්ද හිමි නාම ලේඛනය ඉදිරි සති දෙක ඇතුළත සහතික කර ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇත.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment