TAMILS For BIDEN – අලුත්ම ඩයස්පෝරාවක්!

358

50 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව පසුගිය සඳුදා (13 දා) ආරම්භ විය. එහෙත් කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව එදිරිවාදිකම් අත්හැර නැත. ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ රටේ ජනතාවට ජිනීවා මානව හිමිකම් සමුළුව මුළුමනින්ම අමතක වී ඇතත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ ශ්‍රී ලංකාවට එල්ල කර ඇති යුද අපරාධ චෝදනා වගවිභාගයකින් තොරව ඉදිරියට ගෙන යෑමට ක්‍රියාකරයි.

මෙවර 50 වැනි සැසිවාරයට පෙර රුසියාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් කිරීම නිසා ශ්‍රී ලංකාවට පක්‍ෂපාතී රටක සහය ද අහිමිවී ඇත.

ඇමෙරිකානු තානාපතිනි ලින්ඩා තෝමස් රුසියාවට එරෙහිව ඉදිරිපත් කළ මානව හිමිකම් කවුන්සිලයෙන් නෙරපීමේ යෝජනාවට බටහිර රටවල් ඇතුළු රටවල් 93 ක් පක්‍ෂවූ අතර 24 ක් එරෙහි විය. එහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, පාකිස්තානය ඇතුළු රටවල් 68 ක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී ඇත.

මෙවන් පසුබිමක් මැද 50 වැනි මානව හිමිකම් සැසිවාරයට සහභාගිවීමට රුසියාවට ඉඩ ලැබී නැත. රුසියාව මානව හිමිකම් සැසිවාරයෙන් ඉවත් කිරීම ගැන කොටි ඩයස්පෝරාව දැඩි සතුට පළකර තිබේ. මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට සහය දැක්වූ රටක් ඉවත් කිරීම යනු ශ්‍රී ලංකාව ලත් පරාජයක් වේ. මේ අන්දමේ වාතාවරණයක් මත මෙවර ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේදී මුහුණපාන තත්ත්වය කුමක්ද?

ශ්‍රී ලංකාව දැඩි ඩොලර් හිඟයකට මුහුණ පා තිබියදී කොටි ඩයස්පෝරාව අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගැනීමේ මෙහෙයුමක්ද ආරම්භ කර ඇත. ඒ උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍යයක් සඳහා ගිවිසුමකට එළඹෙන්නේ නම් ඩොලර් බිලියන 57 ක් ලබාදෙන බව පැවැසීමයි. එම ප්‍රකාශයට රජය ප්‍රතිචාරයක් දක්වා නැත. ශ්‍රී ලංකාවට මෙවන් තත්ත්වයක් උදාවූයේ මන්ද? ඊට ප්‍රධාන හේතුව අඥාන දේශපාලකයන්ගේ තක්කඩි ක්‍රියාදාමයයි.

එසේම රටේ ඩොලර් සංචිතය හිඟවනතුරු ජනාධිපතිවරයා බලාසිටියේය. ඩොලර් සංචිතය අඩුවී ඇති බවට තොරතුරු හෙළිවෙද්දී ගුවන් හමුදාපතිවරයා කපීර් ප්‍රහාරක යානා අලුත්වැඩියාව සඳහා ඊශ්‍රායල් එයාර්ක්‍රාප්ට් ඉන්ඩස්ටි්‍රස් සමාගම සමඟ ඩොලර් ගිවිසුමකට එළඹියේය. ඒ බව ජනතාවගෙන් වසන්විය. මේ හැර විදේශ ලේකම් ලෙස පත්කරනු ලැබුවේ පාත්පයින්ඩර් නැමැති විදේශ රාජ්‍ය නොවන සංවිධානයක උපදේශකවරයෙක් වූ ජයනාත් කොළඹගේයි. මෑතකදී පැවැති අර්බුද නිසා ඔහු එම ධුරයන් ඉල්ලා අස්විය. වෘත්තීය නිපුනත්වයෙන් යුත් තානාපති නිලධාරියකු විදේශ ලේකම් ධුරයට පත්නොකිරීම නිසා විදේශ සේවාව බිඳ වැටුණි.

එසේම කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා එල්ල කරද්දී විදේශ සේවාවට පත්කළ ආයතනවල සියයට 99 ක් දේශපාලන හිතවාදීන් වූහ. මේ කිසිවෙක් කොටි ඩයස්පෝරාවේ ශ්‍රී ලංකා විරෝධී මෙහෙයුම්වලට ප්‍රතිචාර දැක්වීමට ක්‍රියාකළේ නැත. එය තවදුරටත් තහවුරු වන්නේ ප්‍රංශයේ සිටින කොටි ඩයස්පෝරා නායක මරියදාස් බොස්කෝ මෙවරද මානව හිමිකම් සමුළුවට වාර්තා රැසක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට උත්සාහ කිරීමයි. ඔහු මෙහෙයවන ලා ටැම්ලේ ප්‍රාන්ස්, ඒ බී සී තමිල්ඔලි, ලාටර්නර්, පේජ් නැමැති විවිධ නම් වලින් හඳුන්වන සංවිධාන එම බොරු වාර්තා කෙටුම්පත් කිරීමයි.

ඊට ප්‍රතිචාර ලෙස ජිනීවා සිටින දේශප්‍රේමීහු සිය උත්සාහය අත්හැර නැත. ඔවුහු ජිනීවා මානව හිමිකම් සැසිවාරයට වාර්තා කීපයක් ඉදිරිපත් කර තිබේ. මෙවන් පසුබිමක් මැද පසුගිය වසර කීපය තුළ ජිනීවා ගොස් විරෝධතා දැක්වූ පාර්ශ්ව ගැන අද අසන්නටවත් නැත. ජිනීවා ගිය දේශපාලන චරිතද දැන් නිහඬවී සිටිති.

මෙය අතිශයින්ම ඛේදනීය තත්ත්වයකි. කොටි ඩයස්පෝරාවට එරෙහිව ජිනීවා ගිය සැබෑ දේශප්‍රේමීහු ජනපති සහ රජය විසින් අමතක කර දමනු ලැබීය. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ද ඔවුන්ව අමතක කළ බව තහවුරු විය. මෙම පසුබිම මැද කැනඩාවේ ඔන්ටාරියෝ නීතිපතිට එරෙහිව කැනඩා ශ්‍රී ලංකා සංසදය රුපියල් කෝටි 57 ක් වැයකර පැවරූ නඩුව දැන් විභාගයට ගෙන ඇත.

මෙපමණ විශාල මුදලක් වැයකර වෙනත් කිසිදු රටක කොටි ඩයස්පෝරාවට එරෙහිව නඩුවක් පවරා නැත. ශ්‍රී ලාංකික කැනඩා ක්‍රියාකාරී කමිටුව පවැරූ මෙම නඩුවට පෙනී සිටින්නේ කැනඩාවේ ඉහළම නීතිවේදීන් පිරිසකි. ස්කොට් පෙයාර්ලි නැමැති ප්‍රධාන නීතිවේදියා ප්‍රමුඛ නිකුලස් රට්‍රලියෝ, ජෝන් කුපෝසි, සල්වා කෙබයිඩ් සහ මාගරිටා වොර්කිනා යන නීතිවේදීහු නඩුව මෙහෙයවති.

මෙම නඩුව විභාගයට ගනු ලැබූ අවස්ථාවේ ඔන්ටාරියෝ නීතිපතිවරයා තර්කයක් මතුකරමින් ද්‍රවිඩ සංහාර පනතේ අරමුණ අධ්‍යාපන සහ උත්සවාකාර ක්‍රියාදාමයක් බව පළකළේය.

එම පනත කැනඩාවේ අධ්‍යාපන ක්‍රමයට සෘජුව බලපාන්නේ නැත. ඉන් ජාත්‍යන්තර අධිකරණයකට යෑමක් සිදුවන්නේ නැත. ඔන්ටාරියෝ රජය සංහාරය පිලිගන්නේ නැත. 2009 මැයි මස සිද්ධිය හා සංහාර පනත අතර කිසිදු සබඳතාවක් නැති යැයි ඔහු තවදුරටත් කියා සිටියේය. ස්කාබරෝ රෝග් පාත් මන්ත්‍රී විජේ තනබාලසිංහම් ගොනුකළ යෝජනාවකින් එම පනත සම්මතවූ අතර ඊට එරෙහිව ආචාර්ය නෙවිල් ගුරුගේ සහ හසලක රත්නමල්ල මෙම නඩුව ගොනුකර තිබිණි.

මෙම ද්‍රවිඩ සංහාර යෝජනාවට එරෙහිව දිවුරුම් ප්‍රකාශ 6ක්ද ඉදිරිපත් කර තිබුණි. මෙහිදී මහාචාර්ය විලියම් චබොස් සහ ආචාර්ය ජෙරල්ඩ් එච්. පීරිස්ද විශේෂඥ මතය ඉදිරිපත් කර ඇත.

කොටි ඩයස්පෝරාවට එරෙහි නඩුවට යන වියදම ඩොලර් 35,0000 ක් දක්වා වැඩිවී ඇත. එසේම ඔන්ටාරියෝ රජයේ නීතිවේදීන් පැවසුවේ ද්‍රවිඩ සංහාර පනතේ නීතිමය රාමුවක නැති බවයි. එහෙත් නඩුව විභාග කිරීමට කැනඩා අධිකරණය තීරණය කර ඇත. මේ වනවිට නඩුවේ ගාස්තු ලෙස ඩොලර් 200000 ක් එකතුකර දීමට ශ්‍රී ලංකා කැනඩා ක්‍රියාකාරී සාමූහික සන්ධානයට හැකිව ඇත.

පසුගිය මැයි 6 දා ඔන්ටාරියෝ ප්‍රාන්ත රජය සම්මත කළ මෙම සංහාර යෝජනාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදුවූ බවට දක්වන තොරතුරු අධ්‍යාපන විෂය මාලාවට ඇතුළත් කිරීමයි. මෙයට මාස ගණනකට පෙර ද්‍රවිඩ සංහාර යෝජනාව ගැන ආරක්‍ෂක විශේෂාංගය තුළින් අනාවරණය කළ විට එවකට කැනඩාවේ සිටි ශ්‍රී ලාංකික තානාපතියා සහ ඔහුගේ සහචර පිරිස ඊට එරෙහිවී එවන් යෝජනාවකට ආණ්ඩුකාරවරිය අනුමැතිය දී නැතැයි පවසනු ලැබීය.

එහෙත් අද එම සහචර කණ්ඩායම අතුරුදන්වී ඇත. මේ හිටපු තානාපතියා ‘දිවයින’ පුවත්පතට එවූ ලිපි අප සතුව ඇත. මෙම පසුබිම මැද ජිනීවා සමුළුව ශ්‍රී ලංකාවට කුමන අයුරකින් බලපාන්නේද?

මෙවර සමුළුවෙන් පසු ලබන සැප්තැම්බර් මස ආරම්භ වන 51 වැනි ජිනීවා සමුළුව වෙත ශ්‍රී ලංකාවට එරෙහිව යළිත් වරක් ජිනීවා යෝජනාවක් ඉදිරිපත් කෙරෙයි. බි්‍රතාන්‍ය මුල්වී ඉදිරිපත් කරන මේ යෝජනාවේ අනිකුත් අනුග්‍රහකයන් වන්නේ කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්රෝ, මැසිඩෝනියාව සහ මලාවි රාජ්‍යයයි.

එහෙත් කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් 58 කට යුද අපරාධ චෝදනා එල්ල කර සාක්‍ෂිකරුන්වද ඉදිරිපත් කර තිබේ. එහි ප්‍රතිඵලය නම් 120000 ක් සාක්කිකරුවන් සමේ සඳහා නොබැඳි රටවල සහය ලබාගැනීමක්ද බටහිර රටවල තානාපතිවරු දැඩි ප්‍රයත්නයක යෙදී තිබේ.

ඔහු තමන්ගේ සර්වාංගයම තලා වේදනාකාරී ලෙසින් සිවිලිමේ දෙපයින් එල්ලා තැබූ බවට එක් වින්දිතයකු චෝදනා කර ඇත. මෙලෙස වධහිංසා චෝදනා ලත් නිශාන්ත සිල්වා බේරාගැනීමට මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ක්‍රියාකර ඇති අතර ඔහු වෙනුවෙන් සිය වාර්තාවේ සටහනක් ද කර තිබේ.

නිශාන්ත සිල්වාට එරෙහිව ඉදිරිපත්වූ චෝදනාව ගැන ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු බලධාරීන් මිචෙලි බැචලේට යැවූ ප්‍රතිචාර වාර්තාවේ දක්වා නැත. මින් තහවුරු වන්නේ විදේශ කටයුතු බලධාරීන් නිසි අධ්‍යයනයක් කර නැති බවයි. 2014 පෙබරවාරි 20 දා ඇමෙරිකාව විසින් යුක්රේනය වෙත දියත්කර මෙහෙයුමක් සමගම ශ්‍රී ලංකා මෙහෙයුම දියත්කර ඇතැයි ඔහු දක්වා තිබේ. ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු මෙහෙයුම ගැන හෙළිවූයේ මුල්වරටය.

බයිඩන් පෝ ටැමිල්ස් නමින් හඳුන්වනු ලැබූ කොටි ඩයස්පෝරා සංවිධානය විසින් ඩොලර් බිලියන 57 ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව පැවසුවේ රට දෙකඩ කිරීමටය. ඊට ප්‍රංශ – බි්‍රතාන්‍ය නෝර්වේ ජර්මානු සහ ස්විස් කොටි හිතවාදී සංවිධාන අයත් වේ. මෙයට සමගාාමීව රජය ඩයස්පෝරා සංවිධාන නිදහස් කිරීම ඩයස්පෝරාවේ ජයකි. ඩයස් පෝරාව එකතු කළ ඩොලර් බිලියන 5 ක් ස්විස් බැංකුවල ඇති අතර කැනඩාවේ ඩයස්පෝරාවද වසරකට විශාල මුදලක් එකතු කරයි. මෙයට පෙර ටැමිල්ස් පෝ ට්‍රම්ප්, ටැමිල්ස් පෝ හිලරි යනු වෙන්වූ සංවිධානද බිහිවිය. එසේ වුවත් ඩයස්පෝරාවේ ප්‍රධාන ආදායම් මාර්ගය කැනඩාවයි. කැනඩාවේ සිටින ද්‍රවිඩයන් සංඛ්‍යාව 140000 කට අධිකය. මේ අතර රජය 50 වැනි ජිනීවා සමුළුවට සහභාගිවිය. එහිදී මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ හමුවේ කළ ප්‍රකාශය මෙසේයි.

TAMILS For BIDEN - අලුත්ම ඩයස්පෝරාවක්!

අප ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරන්නෙමු.
කොටි ක්‍රියාකාරීන් 318 කගේ සහ කොටි සංවිධාන 4 කගේ තහනම අහෝසි කර ඇත
අතුරුදන්වූවන්ගේ පිරිසට වන්දි ගෙවීමට මිලියන 759 ක් දී ඇත.
තවත් මිලියන 53 ක් වෙන්කර තිබේ.
හමුදාව යටතේ ඇති ඉඩම් නිදහස් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment