අලුත් අයවැයක්,ටි‍්‍රලියනයක් අච්චු ගහන්නත් වෙයි- අගමැති

470

ඉදිරි සති හයක කාලයක් ඇතුලත අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන අතර ර රට තුළ රුපියල් ආදායමද පහළවැටී ඇති බැවින් ට‍්‍රිලියනයක් පමණ මුදල් අච්චු ගැසීමට සිදුවන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ සමතා පවසයි.

රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මේ බව සදහන් කර ඇත.

ඉදිරි කාලය ජනතාවට තවත් දුෂ්කර වනු ඇති බවත් එම කාලය තුළ මෙරට උද්ධමනය සියයට 40‍ සීමාව ඉක්මවා යනු ඇති බවත් ඔහු එහිදී කියා සිටී.

ඉදිරි සති හයක් ඇතුලත අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බවද පවසන අමාත්‍යවරයා එමගින් යටිතල පහසුකම් සංවර්ධනයට වෙන්කර ඇති මුදල් වෙනත් සහන වැඩසටහන් සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවද කියා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment