අලුත් අයවැය මේ මස අග හෝ ලබන මස මුල

172

මේ වර්ෂය (2022) සඳහා ඉදිරිපත් කිරීමට නියමිත නව අයවැය මේ මස අගදී හෝ ලබන මස මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මේ වන විට එම නව අයවැය සකස් කිරීමේ කටයුතු මහා භාණ්ඩාගාරයේ අදාළ අංශ විසින් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. ගිය වසරේ (2021) නොවැම්බර් මාසයේදී හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් මේ වසර (2022) වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය වෙනුවට මේ අයවැය ඉදිරිපත් කෙරේ.

මෙම අයවැයෙන් රජයේ බදු ආදායම් ඉහළ නංවා ගැනීමට සහ අනෙකුත් අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන රජයේ වියදම් සීමාකර ජනතාවට සහන සැලසීමට වැඩි අවධානයක් යොමුකරනු ඇතැයිද වාර්තා වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment