අලුත් ආණ්ඩුව හදන්න සූදානම්-විපක්ෂ නායක

209

ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්ල ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

රට ස්ථාවර කොට රටේ ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදීමටත්, ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත් කිරීමටත් තමන් සූදානම් බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

මීට එරෙහිව කවුරුන් හෝ පාර්ලිමේන්තුව තුළ කුමන්ත්‍රණ සිදු කරනවා කරනවානම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් රට ගොඩනැගීමේ කටයුත්තට තමන්ට සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment