අලුත් ඇමැති මණ්ඩලයක්! – අන්තර්වාර පාලනයකට ජනපතිට යෝජනා කළා – විමල්

443

රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය යම්තාක් දුරට සමනය කිරීම සඳහා සර්වපාක්‍ෂික අන්තර්වාර පාලනයක් රටේ ඇති කරන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී ප‍්‍රකාශ කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව පෙරේදා (2 දා) සවස උදය ගම්මන්පිල, ටිරාන් අලස් සහ තමා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡුා කළ බවත් එහිදී රටේ ඇතිවී තිබෙන මහජන විරෝධතාව යම්තාක් දුරට හෝ සමනය වනතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්‍ෂවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් රටේ පැවැත්විය හැකි වාතාවරණයක් ඇතිවන තෙක් අන්තර්වාර ආණ්ඩුවක් පවත්වාගෙන යන ලෙස ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් වීරවංශ මහතා කීය.

මේ සම්බන්ධයෙන් ඊයේ (3 දා) අගමැතිවරයා හමුවී සාකච්ඡුා කළ බවත් එයට උදය ගම්මන්පිල, ටිරාන් අලස්, වාසුදේව නානායක්කාර සහ තමාද සහභාගි වූ බවත් වීරවංශ මහතා පැවසීය.

එසේ පිහිටවන අන්තර්වාර පාලනයේදී අගමැතිවරයා ඇතුළු ඇමැති මණ්ඩලයම වෙනස් විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡුාවකදී එකඟතාවකට පැමිණිය හැකි බවත් ඒ මහතා කීය. පවතින තත්ත්වය හමුවේ මැතිවරණ පවත්වා ඉටිපන්දම්වලින් ඡුන්ද ගණන් කිරීමට නොහැකි බවත් රට යම් ස්ථාවර තත්ත්වයකට පැමිණීමෙන් පසු මහ මැතිවරණයකට යා හැකි බවත් විමල් වීරවංශ මහතා කියා සිටියේය.

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සභාපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අන්තර්වාර පාලනයකට යායුතු බවත් එසේ නොවන්නේ නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන බවත් දැනුම්දී ඇත.

චමින්ද සිල්වා, ප‍්‍රභාත් විතාත,සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment