අලුත් බදු නිසා කුඩා හා මධ්‍ය පරිමාණ  කර්මාන්ත හාන්සියි – විපක්‍ෂ නායක සජිත් කියයි

118

අද වන විට රුපියල් ලක්‍ෂයක ආදායමක් උපයන්නෙකු දැවැන්ත බදු දැලකට හසුවන බවත්, මෙය අතිශයින් අවාසනාවන්ත තත්ත්වයක් බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

රටකට බදු අවශ්‍ය බව පැවසූ විපක්‍ෂ නායකවරයා එහෙත් ව්‍යවස්ථාවේ සිදුවෙමින් පවතින්නේ සමාජයේ පීඩාවට පත්වෙමින් සිටින ජනතාවට බදු ගැසීමත්, දැවැන්ත ධන කුවේරයින් බදු දැලෙන් නිදහස් වීමත් බවත් ඒ මහතා පැවැසීය.

සමගි ජන බලවේගයේ නාත්තන්ඩිය බලමණ්ඩල රැස්වීම අමතමින් විපක්‍ෂ නායකවරයා පසුගියද 15දා මේ බව පැවැසීය. මේ බදු හරහා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ල සුනුවිසුණු වී යා හැකි බව පැවසූ ඒ මහතා එයින් ලක්‍ෂ ගණනකගේ ජීවිතවලට බලපෑම් සිදුවන බවද පැවැසීය.

එදින සුදු සැරයටි දිනය බව පැවසූ විපක්‍ෂ නායකවරයා එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා දෑස් නොපෙනෙන ජනතාව වෙනුවෙන් “නයනාලෝකගම” ආරම්භ කළ බවත්, තමා නිවාස ඇමැති ලෙස සිටියදී දෑස් නොපෙනෙන ජනතාව වෙනුවෙන් “සියනෙතුගම” ගම්මානය ඉදිකළ බවත් පැවැසීය.

විශේෂ අවශ්‍යතාවයන් ඇති ජනතාව වෙනුවෙන් රජයෙන් ලබාදෙන දීමනාව පසුගිය මාසයේත් දීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බව පැවසූ විපක්‍ෂ නායකවරයා මෙය ඛේදවාචකයක් යැයිද පැවැසීය.

බලපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment