අලුත් මුහුණුවලට නාළිකාවල ඉඩක් නැහැ – අවසාන කඳුළ ගැයූ නුවන් කියන කතාව

78

ලාංකීය තාරුණයේ සිටින නව පරපුරේ ගායකයෙක් වන නුවන්. ඩී. යාපා කියන්නේ. මේ වන විට ඔහු ගායනා කළ “කුචි කවන්නා”, “අවසාන කඳුල” අන්තර්ජාලය හරහා ජනප්‍රිය වී තිබෙනවා. ඉතිං අපි නුවන් පිළිබඳවත් ඔහුගේ සංගීත ගමන පිළිබඳවත් දැනගන්නට අපි නුවන් සමග සුහද කතාබහක යෙදුණා.

නුවන් සංගීතයට යොමුවුණේ කොහොමද?

පාසල් කාලය අවසන් වුණාට පස්සෙ අපි බෑන්ඩ් එකක් හැදුවා. මගේ රැකියාවත් එක්ක බෑන්ඩ් එක නතර කළා. ඊට පස්සෙ මට හිතුණා මම කරපු දෙයින් ප්‍රයෝජනයක් ගන්න නම් අනිවාර්යයෙන්ම මොනවහරි දෙයක් කරන්න ඕනෑකියලා. ඒ දේත් එක්ක තමයි ඉතිං මම මෙච්චර දුරක් ආවේ.

අලුත් මුහුණුවලට නාළිකාවල ඉඩක් නැහැ - අවසාන කඳුළ ගැයූ නුවන් කියන කතාව

මෑත කාලයේ ඔබ ගායනා කළ ගීත ගැන කතා කළොත්?

මේ මාස තුනක කාලය ඇතුළත මම ගීත දෙකක් කරලා තියෙනවා. එකක් “කුචි කවන්නා” කියන ගීතය. එහි සංගීතය කලේ ෂෙහාන් මද්දුමගේ”පද රචනය කලේ සුදේෂ් අත්තනායක. ඊට පසුව පසුගියදා එළිදැක්වූවා “අවසාන කඳුල” කියන ගීතය. එහි සංගීතය කලේ මියුරු සංගීත්”පද රචනය කලේ රජිත් චතුරංග.

පසුගිය කාලයේ ගීත රැසක් අන්තර්ජාලයට මුදාහැරියා නේද?

“ලයින් එකට”, “හිත කෙනිත්තුවා”, “නවතින්න හිතලා” කියන ගීත තමයි එළිදැක්වූයේ. ඒ අතරින් “හිත කෙනිත්තුවා” ගීතය ලංකාවේ ගොඩක් කතා බහට ලක්වුණා. ඒ ගීත ටික තමයි දැනට කරලා තියෙන්නේ.

අලුත් මුහුණුවලට නාළිකාවල ඉඩක් නැහැ - අවසාන කඳුළ ගැයූ නුවන් කියන කතාව

වැඩිපුර කැමැති මොන ශෛලියේ ගීත වලටද?

ඇත්තටම මම ගොඩක් ශාස්ත්‍රිය සංගීතයට තමයි කැමැති.ඒ වුණාට හම්බෙන ඕනෑම විදියේ ගීතයක් කියලා බලනවා.

සංගීතය විෂයක් විදියට හදාරලා තියෙනවද?

පාසල් කාලයේ නම් සංගීතය විෂයක් විදියට හදාරලා නැහැ. හැබැයි දැන්නම් මම හදාරනවා.මට මගහැරුණු හැමදේම මම දිගටම කරගෙන යනවා. මොකද මේ ක්ෂේත්‍රයේ දිගටම ඉන්න නම් අපේ අඩුපාඩු අපි හදාගන්න ඕනෑ.ඒ නිසා හඬ පුහුණුවීමිනුත් දිගටම කරගෙන යනවා.

අලුත් මුහුණුවලට නාළිකාවල ඉඩක් නැහැ - අවසාන කඳුළ ගැයූ නුවන් කියන කතාව

කාවහරි අනුකරණය කරනවාද?

අනේ නැහැ.මම ගීත නිර්මාණය කරන්නේ මගේම සංකල්පයකටයි. මම කාවවත් කොපි කරලා කාගෙවත් දෙයක් කරන්නේ නැහැ. අපේම දෙයක් කරන්න තමයි අපි උත්සාහ ගන්නේ. එතකොට තමයි මිනිස්සු දන්නෙ ආ මේක මෙයාගෙ වැඩක් කියලා.ඒ නිසා මට ඕනේ මගේම වැඩක් කරන්න.

අලුත් ගීතයකට සූදානම් වෙනවා කියලත් ආරංචියි ?

ඉදිරි මාස දෙකක කාලය ඇතුළත මගේ අලුත් සිංදුවක් එන්න තියෙනවා.ඒ වැඩ ටික සාර්ථකව කරලා ලංකාවේ තියෙන හොඳ නාලිකාවක් හරහා ඒ ගීතය එළිදක්වන්න තමයි දැනට හිතාගෙන ඉන්නේ.ඒක තමයි තියෙන ලොකුම බලාපොරොත්තුව.

අලුත් මුහුණුවලට නාලිකාවලින් සහයෝගයක් ලැබෙනවාද?

ඇත්තටම ඒ ගැන කියන්නම ඕනෑ. අපි සිංදුවක් කරලා ප්‍රචාරය කරගන්න ගියහම ගොඩක් මහන්සිවෙන්න ඕනෑ. මොකද ගොඩක්වෙලාවට අලුත් මුහුණුවලට නාළිකාවලින් ඉඩක් ලැබෙන්නේ නැහැ. හැබැයි අලුත් මුහුණු කරන ගීත අන්තර්ජාලය හරහා ජනප්‍රිය වුණහම ඉබේම ඒ ගීත නාලිකාවල ප්‍රචාරය වෙනවා. කොටින්ම කිව්වොත් සින්දුවක් කරනවාට වඩා කට්ටක් කන්න ඕනෑ ඒ ගීතය ප්‍රචාරය කරවා ගන්න. හැබැයි මම කරපු ගීතවලට සමහර නාලිකාවලින් මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඒ ගැනත් කියන්න ඕනෑ.

ගායකයෙක් වෙන්න හිතුවේ ඇයි?

ඇත්තටම ගත්තොත් සංගීතය හදාරණ ගොඩක් අය හරිම සුන්දරයි.සාමාන්‍යයෙන් මොකක් හරි ප්‍රශ්නයක් ආවමත් මනුස්සයෙක්ගෙ හිත නිවන්නෙත් සංගීතය.ඉතිං මම හිතුවා මමත් මේ මාර්ගයේම යනවා කියලා.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment