අලුත් රටක් ගොඩනගන්න අරගල කර රට වෙනුවෙන් දිවිදුන් යාපහුවේ වීරයා ජාලිය දැයෙන් සමුගනී!

728

රටේ ජනතාව තෙල් පෝලිම්වල මියැදෙනකොට, ගෑස් පෝලිම් වල පීඩා විඳින කොට මේ පීඩනය විඳදරා ගන්න බැරිව අවිහිංසාවාදී නිර්පාක්ෂික අරගලයට එක්වු, ජාලිය පුෂ්පකුමාර තරුණ මහත්මා දූෂිත පාලකයන් විසින් මරාදැමුවත් ඔබ වෙනුවෙන් අරගල භූමියේ කවි රචනා ලියැවෙනවා. අදත් සැමරුම් සිදුවෙනවා. ඉතිහාස පොතේ වීරවරයන් ලෙස නම් සඳහන් බුටෑවේ රටේ රාළ, කැප්පෙටිපොළ වීරවරුන් මෙන් ජාලිය පුෂ්පකුමාර නාමය රන් අකුරෙන් ලියවෙනවා යැයි නිර්පාක්ෂික ජනඅරගලය නියෝජනය කරමින් පැමිණි බළංගොඩ කාශ්‍යප හිමියන් අවධාරණය කළේය.

අලුත් රටක් ගොඩනගන්න අරගල කර රට වෙනුවෙන්  දිවිදුන් යාපහුවේ වීරයා ජාලිය දැයෙන් සමුගනී!

පසුගිය 13 වැනිදා කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවැති විරෝධතාවට සහභාගිවී සිටියදී ආරක්ෂක අංශ මගින් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වී සිටියදී රූපවාහිනි සංස්ථාව අසල විරෝධතාවට යමින් සිටියදී අසාත්මිකතාවට පත්වී බිම ඇදවැටීමෙන් අනතුරුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ මහව දළදාගම පදිංචි එක්දරු පියෙකු වූ ඩී.එම්. ජාලිය පුෂ්පකුමාර මහතා (26) තරුණ මහතාගේ අවසන් කටයුතු ඉකුත් 16 වැනිදා දළඳාගම පොදු සුසාන භූමියේ සිදුවිය.

අලුත් රටක් ගොඩනගන්න අරගල කර රට වෙනුවෙන්  දිවිදුන් යාපහුවේ වීරයා ජාලිය දැයෙන් සමුගනී!

ප්‍රදේශයේ වැඩ වාසය කරන මහා සංඝරත්නය වැඩමකර ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව නිර්පාක්ෂික ජන අරගලය නියෝජනය කළ බළංගොඩ කාශ්‍යප හිමියෝ අනුශාසනාවක් කළහ. ජාලිය පුෂ්පකුමාර තරුණ මහතාගේ අකල් මරණය දැකබලා ගැනීමට ඔහුගේ නිවසට විශාල පිරිසක් පැමිණ සිටියෝය.

”දැඩිසේ මානසික පීඩාවට පත්වී සිටි ජාලිය මහතාගේ බිඳවන මයුරි හංසිකා මහත්මිය පියකු අහිමි තම දරුවා ඇකයට තුරුළුකර නිරන්තරයෙන්ම කියා සිටියේ මගේ පුතේ නුඹේ තාත්තා වීරවරයෙක් කියාය”

අලුත් රටක් ගොඩනගන්න අරගල කර රට වෙනුවෙන්  දිවිදුන් යාපහුවේ වීරයා ජාලිය දැයෙන් සමුගනී!

මටවත් අම්මටවත්, පුතාගේ නෝනටවත් මේ ගමන ගැන කියලා නෙමෙයි ගියේ. පුතාගේ යාළුවෝ එක්ක ගිය බව ජාලියගේ පියා වන මහව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන අසංක දිසානායක මහතා පැවැසීය.

මේ රටේ දුර්දාන්ත පාලනය තුරන් කරන්නට රටේ තරුණ තරුණියන් නිරායුධ නිර්පාක්ෂික අරගලයක් ආරම්භ කළා. මේ ජන අරගලය ගැන රටේ ප්‍රදේශීය නායකයන් දැනුවත් කළා. නමුත් ජනාධිපති, අග්‍රාමාත්‍යවරු, අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු දැනුවත් කළත් ඒ සඳහා නියමිත විසඳුමක් ලබාදුන්නේ නැහැ. ඒ නිසා රටේ සමාජයේ මේසා විශාල විනාශයක් සිදුවී

තිබෙනවා යැයි හිරියාල හත්පත්තුවේ අධිකරණ සංඝනායක හා මල්වතු මහා විහාර උපාධ්‍යාය ගනේගම ශ්‍රී සිද්ධාර්ථ රතනජෝති නාහිමියෝ පැවසුහ.

බළල්ල දීපාලෝක පරිවෙනේ කෘත්‍යාධිකාරි හිමියන් විසින් ආගමික වතාවත් සිදුකරමින් විශේෂ ධර්ම දේශනාවක් සිදුකළහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජාලිය පුෂ්පකුමාර මහතාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් එවන ලද ශෝක පණිවුඩය යාපහුව සජබ ආසන සංවිධායක විසින් ප්‍රකාශයට පත්කළ අතර සමස්ත ලංකා ගොවිජන සමිමේලනයේ සභාපති නාමල් කරුණාරත්න, හිටපු අමාත්‍යවරයෙකුවූ ජීවිතක්ෂයට පත් ජාලිය මහතාගේ පවුලේ ඥාතියෙකු වූ ඩී.එම්. බණ්ඩාරනායක මහතා ද මෙහිදී අදහස් දැක්විය.

නිර්පාක්ෂික අරගලකරුවන් නියෝජනය සඳහා බළංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු තරුණයන් කීපදෙනකු මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

ආර්.එම්.ඩබ්ලිව්. බණ්ඩාර කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment