අලුත් වෙන කොරෝනාව

162

කොරෝනා වෛරසයෙන් ලෝකයේ බොහෝ රටවල් බැටකමින් තිබේ. ඒ අතරින් ඉන්දියාව පත්ව ඇත්තේ ඉතාම දැඩි අසරණ තත්ත්වයකටය. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරේදා (18 වැනිදා) යාවත්කාලීන කර තිබූ තොරතුරු අනුව ඉන්දියාවෙන් කොරෝනා අසාදිතයන් 29,762,793 ක් සොයාගෙන ඇත. ඒ අතුරින් 385521 දෙනකු කොරෝනාවට බිලිවී ඇත.
 
 කොරෝනා රෝගයෙන් ඉන්දියාව දැඩි අසීරුතාවට පත්වූයේ එහි ව්‍යාප්ත වී තිබෙන ඩෙල්ටා හෙවත් බී 1.617.2 යන වෛරස් ප‍්‍රභේදය නිසාවෙනි.
 
 ඉන්දියාවෙන් වාර්තා වන මෙම කොරෝනා ප‍්‍රභේදයේ කොළඹ දෙමටගොඩ ප‍්‍රදේශයෙන්ද හමුවී ඇතැයි රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිiාලයේ අසාත්මික සහ ශල්‍ය ජෛව විiායතනයේ අධ්‍යක්‍ෂ වෛi ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ද මේ බව තහවුරු කර ඇත. ඔහු පෙන්වා දෙනු ලබන්නේ කොළඹ දෙමටගොඩ ආරාමය පෙදෙසින් හමුවූ ආසාදිත පුද්ගලයන් නවදෙනකුගේ ජෛව සාම්පල පරීක්‍ෂා කිරීමේදී ඉන් ආසාදිතයන් පස්දෙනකුටම ඉන්දියාව තුළ පැතිරෙන මෙම ඩෙල්ටා නමැති භයානක වෛරසය ආසාදනය වී ඇති බවයි.
 
 මෙම තත්ත්වය අප ඉතා බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුය. විශේෂයෙන් මෙම ඩෙල්ටා නව ප‍්‍රභේදය නිසා ආසාදනයට ලක්වී සිටින පුද්ගලයන්ගේ ආශි‍්‍රතයන් සොයා ඔවුන්ව වහා නිරෝධායනය සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. එසේ නොවුන හොත් අපට බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත. ඉන්දියාවෙන් විශාල රෝගී සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙම වෛරසයෙන් නිසා බව අප මොහොතකටවත් අමතක නොකළ යුතුය.
 
 එංගලන්ත වෛi පරීක්‍ෂකයන් විසින් අනාවරණය කරගෙන ඇත්තේ මෙම ඩෙල්ටා නමැති කොරෝනා වෛරස් ප‍්‍රභේදය එළිමහනකට ගිය අවස්ථාවකදී පහසුවෙන් තවත් හයදෙනකුට වැළඳිය හැකි බවයි.
 
 මෙම වෛරස් ප‍්‍රභේදයේ ප‍්‍රධාන රෝග ලක්‍ෂණය වන්නේ හිසරදය බව එංගලන්ත මහාචාර්ය ටීම් ස්පෙක්ටර් පෙන්වා දෙයි. ඊට අමතරව උගුර රිදීම හා නාසයෙන් සොටු දියර ගැලීම ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූ  රෝගීන්ගේ අනෙකුත් ලක්‍ෂණ බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. කොරෝනා වෛරසයේ අන් ප‍්‍රභේද හා සැලකීමේදී ඩෙල්ටා වෛරසයේ වෙනස්කම් ඇති නිසා ඒ පිළිබඳව සෑම දෙනාම අවදියෙන් සිටීම වැදගත්ය.
 
 මේ අතර දෙහිවල සතුන්වත්තෙන් කොරෝනා වෛරසය ආසාදිත වූ සිංහයකු මරණයට පත්වී ඇතැයි කියන පුවතක් ද මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. මෙම තත්ත්වය හමුවේ මෙම සිංහයා රැඳී සිටි කූඩුව භාරව සිටි සත්ව රැුකවලූන් ද මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇත. ඉන්දියාවේ ඩෙල්ටා ප‍්‍රභේදය ඔස්සේ කොරෝනා ව්‍යාප්ත වීමෙන් භයානක තත්ත්වයක් ඇතිවිය හැකි සේම සතුන්ටත් කොරෝනා රෝගය වැළඳීමේ අවදානමක් ඇත්නම් ඒ ගැන ද සෞඛ්‍ය අංශවල විශේෂ අවධානය යොමුවිය යුතුව ඇත. මෙහිදී මිනිසුන්ගෙන් සතුන්ට රෝගය වැළඳීමට ඉඩකඩ ඇත්නම් පෙරලා සතුන්ගෙන් මිනිසුන්ට ද රෝගය ව්‍යාප්ත වීමේ ඉඩකඩක් ඇති බව අප අමතක නොකළ යුතුය.
 
 අපේ රටේ ද බොහෝ නිවෙස්වල සතුන් සුරතලූන් ලෙස ඇතිකරනු දක්නට ලැබේ. එනිසාම යම් හෙයකින් සතුන් හරහා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමයක් ඇත්නම් වසංගත රෝග අංශ ඒ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි.
 
 මේ වනවිට අපේ රටේ ජනතාවට කොරෝනා වෛරසයේ බරපතළකම පිළිබඳව අවබෝධයක් තිබේ. එහෙත් ප‍්‍රශ්නය වී ඇත්තේ ඒ බව දැන දැනත් සමහරුන් ඊට අනුගතව කි‍්‍රයා නොකිරීමයි. කොරෝනා වෛරසය මැඬපැවැත්වීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි සංචරණ සීමා දමා තිබියදීත් ඒවා කඩකරමින් හැසිරෙන පිරිස් අත්අඩංගුවට පත්වන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි.
 
 කොරෝනා වෛරසයේ බරපතළකම ගැන කිසිදු අවස්ථාවක අඩුවෙන් තක්සේරු නොකළ යුතුය. අප නිතරම කොරෝනා රෝගියකු හෝ කොරෝනා වාහකයකු නොවී සිටීමට බගබලා ගැනීම මේ මොහොතේ රට වෙනුවෙන් කළ හැකි ලොකුම වගකීම බව අමතක නොකළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment