අලුත් සහල් මංගල්‍යයේ පුද පූජා ඇරඹේ

126

2023 අලුත් සහල් මංගල්‍යයේ පුදපූජා අරඹමින් ජය ශ්‍රී මහ බෝ සමිදුන්‌ගේ සතර වාහල්කඩ කිරි පිඩු පූජාව අද (01) පෙරවරුවේ පැවැත්විනි. 2023 වර්ෂයේ ඉදිරි යල සහ මහ කන්න අස්වනු සරු කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස පවත්වන සාම්ප්‍රදායනුකූල අලුත් සහල් මංගල්‍යය හෙට දින (02) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක දායකත්වයෙන් පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යයේ සාම්ප්‍රධායික වතාවත් අද (01) උදෑසන ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ආරම්භ විය.ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ගේ සතර වාහල්කඩ දී සමාරම්භක කිරි ආහාර පූජාව අද පෙරවරුවේ සිදු කෙරිනි.ඉන් අනතුරුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැ දුටු අමාත්‍යවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තේය.මෙම අ ස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment