අලුතෙන් කැසිනෝ බලපත්‍ර

136

කැසිනෝ කර්මාන්තය සඳහා නව බලපත්‍ර ලබා දීමට රජය තීරණය කර ඇත.

කැසිනෝ කර්මාන්තය නීත්‍යානුකූල කිරීමට සහ නියාමනය කිරීමට මෙන්ම සුදුසුකම් ලබන නව තරගකරුවන්ට ක්‍රියාත්මක වීමට බලපත්‍ර ලබාදීම අරමුණු කරගනිමින් රජය විසින් නව නීති ගැසට් කර තිබේ. දැනට ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තයේ නිරත වීම සඳහා බලපත්‍ර ඇත්තේ දෙදෙනකුට පමණි.

2010 අංක 17 දරන පනත යටතේ ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා බලපත්‍ර ලබා දිය යුතු නමුත්, එකී පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොමැති වීම හේතුවෙන් මේ දක්වා කිසිදු කැසිනෝ ව්‍යාපාරයකට එකී පනත යටතේ බලපත්‍ර නිකුත් කර නොමැත.

මේ සඳහා වූ අති විශේෂ ගැසට් පත්‍රයක් 2022 අගෝස්තු 31 දාතමින් නිකුත් කර ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment