අලුත උපන් බිළිඳාවත් රැගෙන මව ළිඳට පැනලා දරුවා මරුට මව රෝහලේ

295

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

රඹුක්කන, කෙම්පිටිය වත්ත ප‍්‍රදේශයේ කාන්තාවක් අලූ‍ත උපන් දරුවා සමග ළි`දට පැනීමෙන් බිළි`දා මියගොස් මව මේ වනවිට මාවනැල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබන බව රඹුක්කන පොලිසිය පවසයි. මෙසේ ප‍්‍රතිකාර ලබන්නේ 28 හැවිරිදි විවාහක කතකි.

 මෙම මස 13 වන දින රාත‍්‍රී මෙම කාන්තාව නිවසේ දී බිළි`දා ප‍්‍රසූත කර තිබේ. පසුව 14 වන දින දහවල් අසල ඇති ළි`දකට දරුවා සමග පැන ඇති අතර අසල්වාසීන් පැමිණ දෙදෙනා ගොඩ ගෙන තිබේ. ඒ වනවිටත් බිළි`දා මියගොස් සිට ඇති අතර මව මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත. ඇගේ සැමියා මීට කලකට පෙර විදෙස් ගතව ඇත. සිද්ධිය පිළිබ`ද වැඩිදුර පරීක්ෂණ රඹුක්කන පොලීසිය සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment