අලුත උපන් බිළිඳා ගඟට වීසිකරලා

131

කටුනායක මාදූව ගම්මානය අසලින් ගලායන ගංගාව වෙත අලූත උපන් කුඩා බිළිඳෙකුගේ සිරුරක් පෙරේදා (23 දා) දමා තිබියදී, ප‍්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත කටුනායක පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබේ.

පිරිමි දරුවෙකු මෙසේ කුඩා පොලිතින් බෑගයකට දමා එම ගෙඟ් පාලම මත සිට ගඟට වීසි කරන්නට ඇතැයි ප‍්‍රදේශවාසීන් සැක පහළ කරති.

පෙරේදා සවස 05.30 ට පමණ මෙම බිළිඳු සිරුර ගංගා ජලය මත පාවෙමින් තිබියදී, එය දුටු ප‍්‍රදේශවාසීන් දුරකථන මගින් කටුනායක පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

කටුනායක ප‍්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත, කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් තාරක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment