අලුත උපන් බිළිඳිය රෙදි කැබැල්ලක ඔතා මහ මග දමා ගිහින්

206

පොල්පිතිගම කෝරුවාව ප්‍රධාන මාර්ගයේ කෝරුවාව විහාරය අසල ඇති දඹ ගසක් යට රෙදි කැබැල්ලකින් ඔතා බිළිඳෙකු දමා ගොස් සිටිදී හමුවී ඇත.

එදින උදෑසන 9.30 පමණ මෙම බිළිදා සම්බන්ධව පොල්පිතිගම පොලිස් ස්ථානයට ලද දුරකථන ඇමැතුමක් මත පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර තිබේ.

පෙ.ව 10ට පමණ වන විට එම ස්ථානයට පොලිස් නිලධාරීන් ළඟා වන විටත් දරුවා රෙදි කැබල්ල තුළට වී අඬමින් සිට තිබේ. පොලිස් කණ්ඩායම වහාම දරුවා පොල්පිතිගම දිසා රෝහල වෙත රැගෙන ගොස් තිබේ. මෙම දරුවා එදින උපන් ගැහැණු දරුවෙක් බව හඳුනාගෙන ඇත. පොල්පිතිගම රෝහල තුළ ඇති පහසුකම් මද බව නිසා පොලිස් ආරක්ෂාව මැද බිළිඳා කුරුණෑගල මහ රෝහල වෙත මාරුකර තිබේ.

බිළිඳාගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමක පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම අපරාධය සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවෙන් පසු පොල්පිතිගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
කුමා රණසිංහ – ගල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment