අලූත් අවුරුදේ අලූත් ආරම්භයක හැඟීම් මුදුන්පත් කරගනිමු – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

59

ජයග‍්‍රහණවලට වඩා රටක් ලෙස, පරාජයන් මෙන්ම අහිමිවීම් සහ වේදනාවන් රැසක් අත්විඳි වසරක් නිමාවී නව වසරක් උදාවන මේ මොහොතේ හෘද සාක්ෂියට එකඟව හෘදයාංගම සුබපැතුමක් පතනවා හැරුණුකොට මේ මොහොතේත් පීඩාව සහ දුක් දොම්නස් අත්විඳිමින් සිටින ශ‍්‍රී ලාංකේය ජනතාවට ව්‍යාජ සුරංගනා ලෝකයක් පිළිබඳව හිස් ප‍්‍රාර්ථනාවන් කිරීම රටේ ජනතාවට කරනු ලබන නිගාව කැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස නිකුත් කළ අලූත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ. එය මෙසේය.

කොරෝනා ව්‍යසනය මැද පහළොස් දහසකට ආසන්න පුරවැසි පරපුරක් අහිමි වූ තත්ත්වයක් තුළ චිරාත් කාලයක් මුලූල්ලේ සුපුරුදු පරිදි නව වසරේ පළවෙනිදාට ඉදෙන කිරිබත හෝ පිස ගන්නට නොහැකි තරමට ආර්ථිකය බංකොලොත් වූ තත්ත්වයක් තුළ කොයි මොහොතක හෝ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාවිදැයි සිතා ගන්නට නොහැකිව දෙගිඩියාවෙන්, ගෘහනියන්ට මුළුතැන්ගෙට යන්නට සිදුව ඇති තත්ත්වයක් තුළ රට සතුව පවතින අවසාන සංචිත පවා අහිමි වී නව වසර ආරම්භයේදීම දැවැන්ත ණය වාරිකයක් එතෙරට ගෙවීමට නියමිතව ඇති තත්ත්වයක් තුළ කුසගින්න දරාගන්නට නොහැකිව හඬා වැළපෙන සහ මන්දපෝෂණය මෙන්ම අඩු බර උපත් දරුවන් සංඛ්‍යාත්මකව ඉහළ ගිය තත්ත්වයක් තුළ ද, අධ්‍යාපනය පවා කඩා වැටී දූ දරුවන්ගේ අනාගතය පිළිබඳව බරපතළ ප‍්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතව ඇති වටපිටාවක් තුළද, තරුණ පරපුර

රැුකියා අහිමිව අනාගතය පිළිබඳව අපේක්ෂා භංගව ජීවත්වන තත්ත්වයක් තුළ ද, ගොවි ජනතාව සිය පාළු වූ කෙත් වතු දෙස සුසුම් හෙළමින් සිටින තත්වයක් තුළද, සකලවිධ කම්කරු ප‍්‍රජාව තමන්ට හිමි අවම වරප‍්‍රසාදය පවා අහිමිව ගිය තත්ත්වයක් තුළ ද අප නව වසරට මුහුණ දෙමින් සිටිමු. විවිධ ව්‍යසනයන්ට මුහුණ දෙමින් ලෝකයේ විවිධ රටවල් නැවත අළු දූලි මතින් නැගී සිටි ආකාරය සිහිනුවණින් කල්පනා කළ යුතු කාලය එළැඹ ඇති අතර මේ රටේ ලක්ෂ දෙසීය විස්සක් ඉක්මවන ජනතාවගේ සහ මතු පරම්පරාවේ, නාමයෙන් වගකීම් සහගතව කටයුතු කිරීමෙහි පරම අවස්ථාව එළඹ තිබෙන බව අප යළිත් සිහිපත් කරමු.

අභාග්‍ය සම්පන්න කාලසමයක් තුළ සකල ලෝකවාසීන්ටම අලූතින් සිතිය යුතු පාඩම සොබාදහම විසින්ද නිහඬවම කියාදී ඇති අතර, ඒ සියල්ල පිළිබඳව අධිෂ්ඨානශීලීව කල්පනා කරමින් අලූත් අවුරුද්ද අලූත් ආරම්භයක හැඟීම් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් පරිවර්තනය කරගත යුතු යැයි අපි විශ්වාස කරමු

රටක් ලෙස නැවත නැගී සිටීමේ උදාර අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන් සමස්ථ ශ‍්‍රී ලාංකේය ආදරණීය ජනතාවටම ජවය ශක්තිය සහ ධෛර්යය ලැබේවායි ප‍්‍රාර්ථනා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment