අලූත් කාලෙට අලූත් තාලෙට ගැළපෙන්න Daraz දැන් අලූත් වෙලා – වෙනස් වෙලා

102

දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ වෙබ් අඩවිය ලෙස පාරිභෝගික විශ්වාසය දිනාගත් Daraz සාම්ප‍්‍රදායික අන්තර්ජාල සාප්පු සවාරියක ඒකාකාරීත්වයට ක‍්‍රියාශීලී නව අරුතක් එක් කරමින් 2021 වසරේ අත් කරගත් අතිසාර්ථකත්වය ඉදිරියටත් රැගෙන යාම සංකේතවත් කරමින් නව සන්නාමයක් හඳුන්වාදී තිබේ.

විද්‍යුත් වාණිජ වෙබ් අඩවියක් හරහා පාරිභෝගිකයන් වෙත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් භෞතිකව සමීප කෙරෙන ආකාරය Daraz නව සන්නාමයේ නිරූපිතය. නව සන්නාමය මධ්‍යයේ ඇති ඊතල හිස මගින් සාර්ථකත්වය අරමුණුකොටගෙන ඉදිරියටම ගමන් කිරීමත් Daraz සතු වේගවත් බෙදාහැරීමේ ක‍්‍රමවේදයත් නිරූපණය කෙරෙන අතර එය “play button” එකක් ලෙසද සංකේතවත් කිරීම හරහා සාම්ප‍්‍රදායික විද්‍යුත් වාණිජ ගනුදෙනු ක‍්‍රියාවලියට එහාගිය ක‍්‍රියාශීලී හා වින්දනාත්මක අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත ලබාදීම සංකේතවත් කෙරේ. Daraz නව සන්නාමය සමග මෙතෙක් Daraz වෙතින් ඉදිරිපත් කළ සියළු ආයතනික සන්නාම එක් ප‍්‍රධාන සන්නාමයක් යටතේ ඉදිරිපත් කිරීම ද සිදුවේ.Daraz සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී බ්කාර්කේ මිකෙල්සෙන් මහතා Daraz නව සන්නාමය පිළිබඳ අදහස් දක්වමින් ”පහුගිය අවුරුදු 7 තිස්සේ Daraz වෙනස් වෙන පාරිභෝගික අවශ්‍යතා හඳුනාගනිමින් පාරිභෝගිකයන්ගේ තෘප්තිය වෙනුවෙන් බොහෝ දේ සිදු කළා. හොඳම තත්ත්වයේ පාරිභෝගික භාණ්ඩ ලබාදෙමින් දීප ව්‍යාප්ත සීඝ‍්‍රගාමී බෙදාහැරීම් ක‍්‍රමවේදයක්,

පාරිභෝගික අවශ්‍යතා ඉටු කරන ගුණාත්මක පාරිභෝගික සේවාවක් අප පවත්වාගෙන තිබෙනවා. අප සමග එක්ව සිටින සුවහසක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, දෙස් විදෙස් දැවැන්ත සමාගම් ඇතුළු සියළු ව්‍යාපාරිකයන්ට විද්‍යුත් වාණිජ අවකාශයක භාණ්ඩ විකි ර්‍ණමට පහසුකම් සැලසීමෙන් එහාට ගිය පුළුල් සේවාවක් වගේම භාණ්ඩ මිලදීගැනීමකට වඩා පුළුල් වූ පාරිභෝගික අත්දැකීම් සමුදායක් ලබාදෙන්නට අපි නිරන්තරයෙන් අලූත් අලූත් දේ හඳුන්වා දුන්නා, වෙනස්කම් රැසක් සිදු කළා. අලූත් සන්නාමය මගින් Daraz අඛණ්ඩ වර්ධනය, නව්‍යකරණය, විමර්ෂණශීලීත්වය හා ගවේෂණය වගේම පාරිභෝගිකයන්ට සජීවී, වින්දනාත්මක සාප්පු සවාරියක් ලබාදීම සංකේතවත් කරන්නට අප අදහස් කළා” යැයි පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment