අලූත් ව්‍යවස්ථාව අත ළඟ අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

106

මෙම වසර අවසන් වීමට ප‍්‍රථමයෙන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර අවසන් කරන බවත් මේ වනවිට එහි අවසන් අවස්ථාවේ පවතින බවත් අධිකරණ අමාත්‍යාංශය දැනුම් දී තිබෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය.

වාර ගණනාවකදී සංශෝධනයට ලක් වූ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවතින විෂමතාවන් සහ අඩුපාඩු හඳුනා ගෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවද අගමැතිවරයා සඳහන් කළේය.

රටේ සියලූ දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතුය. ඒ හේතුවෙන් කිසිම ශී‍්‍ර ලාංකික පුරවැසියකු කුමන හේතුවක් නිසා හෝ වෙනස්කමකට, විශේෂත්වයකට භාජනය නොවිය යුතුයි යැයි ද හෙතෙම කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

අපේ රටේ පවතින පුද්ගල නීති අතර විෂමතාවන් පවතින බවත්, එවැනි ඇතැම් නීති සංශෝධනය විය යුතු බවත්, දිගින් දිගටම ඉල්ලීම් රාශියක් ඉදිරිපත් වී තිබෙන බව අප කවුරුත් දන්නවා.

ඒ අනුව, අධිකරණ අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව, දැනටමත් ඇතැම් නීති හා පනත්වලට යම් යම් සංශෝධන සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඉහත කී කමිටුවේ කාර්ය වන්නේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම පමණයි.

ශී‍්‍ර ලංකාව තුළ ‘‘එක රටක් – එක නීතියක්’’ යන සංකල්පය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාදයන් සැලකිල්ලට ගනිමින්, ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර, ශී‍්‍ර ලංකාවට ආවේණික වූ සංකල්පමය නීති රාමුවක් සකස් කිරීම පිළිබඳව, යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කර තිබෙනවා.

ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක, මෙැවනි සංකල්පයන් සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කිරීමේ අරමුණින් සියලූ ජාතීන් නියෝජනය කරමින් විවිධ ක්ෂේත‍්‍රයන්හි පුද්ගලයන් සමඟ එක්ව කටයුතු කිරීමෙන් වඩාත් ඵලදායි ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකි බව අපි විශ්වාස කරනවා.

මේ සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙක් සැකයක් හෝ අනියත බියක් ඇති කර ගත යුතු නැහැ. අප රජය යටතේ කිසිදු ජනවර්ගයකට හෝ කිසිදු ජන කොට්ඨාසයකට අයුක්තියක් හෝ අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා මම අවධාරණය කරනවා යැයි ද, අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රශ්නය විමසමින් මෙසේ කීය. වත්මන් ජනාධිපති සහ ආණ්ඩුව බලයට පත්වීමට පෙර ගෙන ආ ප‍්‍රබල සටන් පාඨයක් තමයි එක් රටක් හා එක් නීතියක් යන්නයි. විශේෂයෙන්ම මැතිවරණ වේදිකාවලදී එය ප‍්‍රකාශ වුණා. එක රටක්, එක නීතියක් ඇති වෙයි කියලා ජනතාවට විශ්වාසයක් ඇති වුණා. පසුගිය 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේදී ජනාධිපතිතුමා කිව්වා නව ව්‍යවස්ථා කෙටුම්පතක් වසරක් තුළ ගේනවා කියලා. නමුත් දැන් වසර දෙකක් පමණ පහුවෙලා. කෙසේ වෙතත් දැන් ජනාධිපති මේ සම්බන්ධව සිදු කර ඇති ඇතැම් පත් කිරීම් පිළිබඳ බලවත් ගැටලූ මතු වෙලා. සමාජයේ විවේචන එල්ල වෙනවා. මේ පිළිබඳව අගමැතිතුමා පිළිතුරු දේවි කියා මා සිතනවා යැයි හෙතෙම අගමැතිවරයාගෙන් අදාළ ප‍්‍රශ්නය විමසමින් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment