අලූත් සීමා එයි: 14 වැනිදා රටම අරියි සමාජ මාධ්‍යවල යන කතා බොරු

248

කලින් තීරණය කළ පරිදි ලබන 14 වැනිදා අලූයම 4.00 සිට සංචරණ සීමා ඉවත් කරන බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘දිවයින’ට ඊයේ සඳහන් කළේය. 02 – පිටුවට
 
 සංචරණ සීමා එසේ ඉවත් කරනු ලැබුව ද පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා වෙනත් සීමාවන් පැනවීමට නියමිත බවද කී යුද හමුදාපතිවරයා එ් පිළිබඳ ඉදිරියේදී ජනතාව දැනුවත් කරන්නේ යැයිද පැවසීය.
 
 සංචරණ සීමාවන් තවදුරටත් දීර්ඝ කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප‍්‍රචාරයන් සිදු වෙමින් තිබෙන අතර එ්වායෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ද යුද හමුදාපතිවරයා කීවේය.
 
 පවතින කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා ඉකුත් 21 වැනිදා සිට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත රජය කටයුතු කළේය. එහිදී ඉකුත් 25 වැනිදා අලූයම 4.00 සිට පැය 19 ක සහන කාලයක් ලබා දෙමින් එම සීමාවන් ලිහිල් කිරීමට ද කටයුතු කෙරිණි.
 
 එහිදී ජනතාව අවදානම්කාරී ලෙස කි‍්‍රයා කළ අන්දම පිළිබඳ සැලකිලිමත් වූ රජය අනතුරුව ලබන 14 වැනිදා අලූයම 4.00 දක්වා අඛණ්ඩව දින විස්සක කාලයක් රටපුරා සංචරණ සීමාවන් පැනවීමට කටයුතු කළේය.

 සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment