අලෙවිකරණ ක්ෂේත්‍රයේ අනාගත සාර්ථකත්වයට SLIM වෙතින් අත්වැලක්

43

දේශීය ආර්ථිකය සවිමත් කරමින්, ශ්‍රී ලාංකීය ව්‍යාපාර හා වෘත්තිකයන්ගේ සාර්ථකත්වය සුරක්ෂිත කිරීම උදෙසා අලෙවිකරණය පිළිබඳ වෘත්තීයවේදී දැනමුක් ලබාදීම අරමුණු කොටගෙන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ත්‍රෛමාසික පාඨමාලාවක් ලෙස ඉදිරිපත් කරන අලෙවිකරණය පිළිබඳ වෘත්තීය සහතික පත්‍ර පාඨමාලාව (Professional Certificate in Marketing) – (PCM‍) සඳහා නවක සිසුන් බඳවාගැනීම දැන් සිදුකෙරේ.

අලෙවිකරණ දැනුම සමග ශ්‍රී ලාංකීය ව්‍යාපාර ආයතන හා වෘත්තිකයන් සවිබලගැන්වීමේ ජාතික මෙහෙවරේ නියැලි SLIM වෙතින් ත්‍රෛමාසික පාඨමාලාවක් ලෙස හඳුන්වා දෙන මෙම අලෙවිකරණය පිළිබඳ වෘත්තීය සහතිකපත්‍ර පාඨමාලාව (PCM) අලෙවිකරණය පිළිබඳ මූලික දැනුම ලබාගැනීමෙහිලා උපකාරී වේ.

අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් බහුල පළපුරුදු වෘත්තීයවේදී දේශක මඬුල්ලක් සමග මෙම පාඨමාලාව හැදෑරීමේදී ශිෂ්‍යයන් වෙත අලෙවිකරණ මූලික සංකල්ප ප්‍රායෝගික භාවිතාව තුළ යෙදවීම පිළිබඳ උදාහරණ සහිතව හැදෑරිය හැකිය. අලෙවිකරණය පිළිබඳ වෘත්තීය සහතිකපත්‍ර පාඨමාලාව හැදෑරීමෙන් අලෙවි කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (Postgraduate Diploma in Marketing) සඳහා සුදුසුකම් සපුරාගත හැකි අතර එය ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධිය (MBA in Marketing) දක්වා ඉගෙනීමට අපේක්ෂා කරන්නන් හට ශක්තිමත් අඩිතාලමක් ද වේ.

වයස අවුරුදු 16 ට වැඩි, අ- පො- ස- සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හදාරා ඇති අයට, අලෙවිකරණ වෘත්තිය කෙරෙහි කැමැත්තක් දක්වන අයට, මූලික අලෙවිකරණ සුදුසුකමක් අවශ්‍ය වන කනිෂ්ඨ අලෙවිකරුවන්ට, අලෙවිකරණය පිළිබඳ න්‍යායාත්මක අවබෝධයක් අවශ්‍ය වන මධ්‍යම මට්ටමේ අලෙවිකරුවන්ට, දැනට ව්‍යාපාරයක නියුතු අයටත්, තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹීමට බලාපොරොත්තුවන අයටත් කළමනාකරණ ක්ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රයන්ගේ නියුතු වෘත්තිකයන්ට, තමාගේ හැකියාවන්ට සරිලන රැකියාවක් බලාපොරොත්තුවන අයට මෙන්ම අලෙවිකරණය පිළිබඳ දැනුම ලබා ගැනීමට කැමති අනෙකුත් ඕනෑම වෘත්තිකයෙකුට හෝ ව්‍යවසායකයෙකුට PCM පාඨමාලාවෙන් වෙනස්වන ව්‍යාපාර ලෝකයේ යාවත්කාලීන වූ අලෙවිකරණ විෂය දැනුම ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment