අලෙවි සලකින් ඉස්සූ දුරකථන 75 න් ලක්ෂ 30 ක දුරකථන හමුවෙයි!

229

සැකකරුවෝ තිදෙනෙක් අත්අඩංගුවට

පුත්තලම නගරයේ දුරකථන අලෙවි සැලකින් සොරා ගන්නා ලද ලක්ෂ 60 කට ආසන්න දුරකථන තොගයෙන් හා ඒවා සන්තකයේ තබාගත් සැකකරුවන් තිදෙනකු කාත්තන්කුඩි ප්‍රදේශයෙදී ඊයේ (21 දා) අලුයම පුත්තලම කොඨඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ලෙන තිබේ.

දුරකථන අලෙවිසැලෙන් ලක්ෂ 60 ක පමණ දුරකථන තොගයක් සොරාගෙන තිබී ඇති බවත්, ඉන් ලක්ෂ 30 ක පමණ දුරකථන සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇත.

සෙසු තොගය සැකකරුවන් විසින් අලෙවි කර ඇති බවට අනාවරණය වී ඇත. කාත්තන්කුඩි පදිංචි වයස අවුරුදු 18, 20, 24 වයස් වල සැකකරුවන් තිදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අලෙවි සලකින් ඉස්සූ දුරකථන 75 න් ලක්ෂ 30 ක දුරකථන හමුවෙයි!

පසුගිය මාර්තු මස 27 දා රාත්‍රියේ පුත්තලම නගරයේ පිහිටි දුරකථන අලෙවි සැලට වහළයෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ 60 කට ආසන්න වටිනාකමකින් යුත් දුරකථන 75 ක් සොරා ගෙන ඇත.

ඒ සම්බන්ධව පුත්තලම මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ අතර පසුව පරීක්‍ෂණ සඳහා පුත්තලම කොඨඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත යොමුකර පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කර තිබුණි.

අනතුරුව මේ පිළිබඳව පූර්ණ විමර්ශනයකින් පසු කාත්තන්කුඩි ප්‍රදේශයේ පිරිසක් දුරකථන අලෙවි කරමින් සිටින බවට ලැබුණ තොරතුරක් මත එම හෝඩුවාව මත විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

පුත්තලම 1 සහකාර පොලිස් අධිකාරි ඕ. පී. අමරබන්දු මහතාගේ මෙහෙය වීමෙන් පුත්තලම කොඨඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලියු. ආර්. ඒ. චන්ද්‍රසිරි ලාල් මහතා සමග පො.කො. වරුන් වන (67611) නිශාන්ත, (83756) ජයසුන්දර, (87153) සමීර, (35676) දිසානායක යන නිලධාරීන් මෙම විශේෂ වැටලීමට එක්වූහ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment