අවදානම් දීමනාව ඉල්ලා පොලොන්නරුව මහ රෝහලේ උද්ඝෝෂණ

71

පොලොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් හැර සෙසු රෝහල් කාර්ය මණ්ඩලවල සේවා 47කට අටත් සේවකයන් 750ක් පමණ දෙනා 22 දා දහවල් කෑම පැයේ දී ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් මහ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

එම උද්ඝෝෂකයන් පවසන්නේ කොරෝනා රෝගීන් වෙනුවෙන් රෝගී සත්කාරක සේවා සපයන වෛද්‍යවරුන් හැර සෙසු සියලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා රුපියල් 7500ක අවදානම් දීමනාවක් ගෙවූ බවත් එය ලැබුණේ මාස 3ක කාලයක් පමණක් බවත්ය. රෝගී සත්කාරක සේවා වෙනුවෙන් වෛද්‍යවරුන්ට සාමාන්‍ය වෛද්‍යවරයාට රුපියල් 40,000කුත් විශේෂඥ වෛද්‍යවරයෙකුට රුපියල් 250,000කුත් ලබා දුන් බවත් අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා රුපියල් 18,000ක් ඉල්ලා සිටි මොහොතේ ඒ වෙනුවට රුපියල් 7,500ක් ලබාදුන් බවත් එය මාස 3ක් ගෙවා නවතා දමා තිබෙන බවත් විරෝධතාකරුවෝ චෝදනා කරති.

අරලගංවිල – රොෂාන් තුෂාර තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment