අවදිව සිටින්න

141

ජේසුස් වහන්සේ ශුද්ධ ලියැවිල්ල හරහා ප‍්‍රකාශ කරන්නේ, මෙලොව ජීවත් වන අපට අවදියෙන් සිටින ලෙසට යි. මෙය වඩාත් පැහැදිලිව සඳහන් කරන්නේ නම් සැමවිට ම ‘‘සිහිය’’ පිහිටුවා ගෙන කටයුතු කිරීමයි. බුදු දහමට අනුව ‘සතිය’’ (සිහිය) ඇතුව දිවි ගෙවීම ය.

එහෙත් අද සමාජයේ බහුතරයක් මිනිස්සු අසිහියෙන් දිවි ගෙවති. එය සමාජය තුළ දිනපතා සිදුවන අපරාධ හා නොපණත් කර්මවලින් පැහැදිලි වෙයි. වත්මන් මිනිසුන් දිවි ගෙවන්නේ නොමැරෙන මිනිසුන් ලෙසිනි. ලොව පුරා ලක්‍ෂ ගණනින් මේ වසංගත රෝගයෙන් මියයන මිනිසුන් දෙස බලා හෝ විශ්වයේ යථාර්ථය තේරුම් ගෙන ලෝභ, ද්වේෂ, මෝහ, යන ත‍්‍රී ලක්‍ෂණයෙන් මිදී, සුවපත් සිතින් දිවි ගෙවීමට මනුෂ්‍යයෝ වැඩි දෙනෙක් නො සිතති. මේ සියලූ සොබා දහමේ ව්‍යසනවලට හේතුව එයයි.

දිනෙන් දින අධර්මය වැඩෙත්ම විනාශ වැඩිවීම සොබා දහමේ නීතියට විශ්ව නීතිය යනු දේව නීතිය ම වේ. ඒ නිසා ජේසුතුමන් මෙසේ ප‍්‍රකාශ කර ඇත. ඒ දවස මළපතක් මෙන් හදිසියෙන් ඔබ අසුකර

නොගන්නා පිණිස කම්සැපෙන් ද, බීමත්කමෙන් ද, මේ ජීවිතයේ කරදරවලින්ද, ඔබේ සිත් නොවෙහෙසන හැටියට බලාගන්න මන්ද එය මුළු පොළොවෙහි සකල ලෝක වාසීන් පිට පැමිණෙන්නේය. එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විතව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය පුත‍්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයදිමින්, හැම වේලේම අවදිව සිටින්නන’’ (ශු. ලූක්. 21:34-36) සඳහන් වේ.

එබැවින් මෙලොව තාවකාලිකව පවතින භෞතික සැප සම්පත් පසු පස හමා යෑම නවතා දෙවිඳුන් පෙන්වාදෙන සදාකාලීක සැපත ලබා ගැනීමට දහම – ධර්මයේ මාර්ගය තුළ ගමන් කිරීමට ප‍්‍රමාද නොවෙමු.

ලූෂන් ෂර්ලි එඩ්වඩ්

advertistmentadvertistment
advertistmentadvertistment