අවමන් සමනය කර ගන්නට ශ්‍රී ලංකාව අද ක්‍රයිස්චර්ච් සටනට

139

පළමු තරගයෙන් ලකුණු 198 ක දැවැන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම එම අවමානයෙන් මිදීමේ අරමුණ ඇතිව සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච් හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා ) තරග වදී.

තරග තුනකින් යුත් තරගාවලියේ අද පැවැත්වෙන තරගයෙන් ජය ගත හොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලිය 1-1 වශයෙන් සම මට්ටමට ගෙන ඒමට හැකියාව ඇත.

කෙසේ වෙතත් හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගී වී ඇති එක්දින ජාත්‍යන්තර තරග හතරම පරාජයට පත්වී තිබේ. දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 6.30ට ආරම්භ වීමට නියමිතය.

පළමු තරගය සඳහා නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ ග්ලේන් ෆිලිප්ස් සහ ෆින් ඇලන් මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර ඔවුහු ද කේන් විලියම්සන්, ටිම් සවුති යන අයගේ මග ගනිමින් අයිපීඑල් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටිති.

ග්ලේන් ෆිලිප්ස් වෙනුවට හෙන්රි නිකොලස් සහ ෆින් ඇලන් වෙනුවෙන් මාර්ක් චැප්මන් ක්‍රීඩා කිරීමට නියමිත බව එරට ආරංචි මාර්ගවලින් දැක්වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාග ිවන අවසන් එක්දින තරගාවලිය වන මෙම තරඟාවලියේ පළමු තරගයේදී ලද පරාජය ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේ සුදුසුකම් කීමට ප්‍රබල බාධකයකි. ශ්‍රී ලංකාව අද තරගයේදී ධනංජය ද සිල්වා හට බොහෝ දුරට අවස්ථාවක් ලබා ලබාදීමට ඉඩ තිබෙන අතර ඇතැම්විට වනිදු හසරංගගේ ස්ථානය ධනංජයට හිමි වීමට පුළුවන. ලොව අංක එකේ පන්දු වාර 20-20 පන්දු යවන්නා වුවද වනිඳු අවසන් වරට සහභාගී වූ එක් දින ජාත්‍යන්තර තරඟවලදී නිසි දස්කම් අතරට පැමිණීමට අපොහොසත් වූයේය.

ඔහු ක්‍රීඩා කළ අවසන් එක්දින තරඟ 6 දී කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය 131 ක් වැනි ඉහළ අගයක් ගැනීම වනිදුගේ එක්දින දස්කම් පිළිබඳ ප්‍රශ්නයක් මතු කරන්නකි.

ශ්‍රී ලංකාව – පැතුම් නිස්සංක, නුවනිදු ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, ළහිරු කුමාර, කසුන් රාජිත, මතීෂ පතිරණ.

නවසීලන්තය – හෙන්රි නිකොලස්, චැඩ් බෝව්ස්, විල් යංග්, ඩැරල් මිචෙල්, ටොම් ලේතම්, මාර්ක් චැප්මන්, රාෂින් රවින්ද්‍ර, බ්ලෙයාර් තික්නර්, හෙන්රි ශිප්ලි, මැට් හෙන්රි, ඉෂ් සෝධි

advertistmentadvertistment
advertistmentadvertistment