අවම පිරිසකගෙන් රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න චක්‍රලේඛයක්

235

අත්‍යවශ්‍ය අවම සේවක පිරිසක් පමණක් කැඳවමින් අද (26 දා) සිට රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට පියවර ගන්නැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් ඊයේ (25 දා) දැනුම්දී ඇත.

ඒ අනුව නැවත දැනුම් දෙනතුරු සියලුම රාජ්‍ය ආයතනවල මෙම පියවර අනුගමනය කරන ලෙසද සඳහන් කර තිබේ.

ඉන්ධන සපයා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මත පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා රජයේ නිලධාරීන්ට සේවය සඳහා වාර්තා කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බැවින්ද මෙම දුෂ්කර කාලසීමාවේදී ඉන්ධන, විදුලිය සහ ජලය සඳහා වන රජයේ වියදම් සීමා කළ යුතු බැවින්ද මෙම තීරණය ගනු ලබන බව අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න මහතා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් කර ඇත.

මෙහිදී රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යෑමට බාධාවක් නොවිය යුතු බවද සඳහන් කර තිබේ.

උපාලි ද සේරම්, චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment