අවම බස් ගාස්තුව රු. 30ක් විය යුතුයි: – අඩු නොකළොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා

399

– සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරුැ

ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් අවම බස් ගාස්තුව රුපියල් 30ක් විය යුතු බවත්, එසේ අඩු නොකරන්නේ නම් සමස්ත මගී ජනතාව සමඟ දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මහතා ‘දිවයින’ට ඊයේ (19දා) පැවසීය.

ඉන්ධන මිල අඩුවීමේ වාසිය මගීන්ට ලබාදිය යුතු බව පැවසූ ඒ මහතා ඉන්ධන මිල ඉහළ යෑමේදී බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කරන බවත්, ඉන්ධන මිල පහළ දැමීමේදී බස් ගාස්තු අඩු කිරීමට අවධානය යොමු නොකරන බවත් කියා සිටියේය.

බස් ගාස්තු සංශෝධන සූත්‍රය ව්‍යවස්ථාවටත් වඩා පැටලී තිබෙන බවත්, බලධාරීන් දිගින් දිගටම මගී ජනතාවගේ අයිතිවාසිකම් පැහැර හරින බවත් හෙතෙම කියා සිටියේය.

කොවිඩ් කාලයේදී මගීන්ට බස් රථවල ආසන ගණනට යන ලෙස පවසා බස් ගාස්තු වැඩි කළ බවත්, යළිත් ඉන්ධන මිල අඩුකර ඇති මොහොතේ මේ දෙකේම වාසිය මගී ජනතාවට අනිවාර්යයෙන් ම ලැබිය යුතු බවත් විමුක්ති දුෂාන්ත මහතා පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment