අවවාදය නොරිස්සූ බාල පුතාගේ කනප්පු පහරින්  පියා ජීවිතක්‍ෂයට

1169

ජංගම දුරකතනයෙන් තවත් පුද්ගලයකු සමග පරුෂ වචනයෙන් ආවේගශීලී සංවාදයක යෙදෙද්දී ඊට මැදිහත්වූ පියාට බාල පුතු (23) පහරදීමෙන් පසුගිය 15 දා ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් වාර්තා විය.

බාල පුතා ජංගම දුරකතනයෙන් ශබ්ද නඟා තවත් අයෙකුට අසැබි ලෙස කතා කිරීම නුසුදුසු බවට අවවාද කළත්, එය ප‍්‍රතික්ෂේප කළ තම පුතුට පියා පහරදීම නිසා උරණ වී, පසුව ඔහු සිය පියාව තල්ලුකර පහරදීම නිසා පියා නිවසෙන් පිටවී වැඩිමල් පුතුගේ නිවසට දිවගොස් ඇත. දිවයන පියාව ලුහුබැඳ ගිය පුතා කනප්පුවකින් ඔහුට පහරදී ඇත. පහරදීමත් සමග ඇදවැටුණ පියා ‘‘පුතේ මට ගහන්න එපා’’ යැයි කෑගසා ඇත. මියගිය අයගේ බිරිඳ සහ වැඩිමල් පුතු විසින් සිහිසුන්ව සිටි පියා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වී සිටි බව රෝහලේ වෛද්‍යවරු පවසා ඇත.

පියාගේ හදිසි මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බාල පුතා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතකළ බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පැවසීය.

තිදරු පියෙකු වූ මියගිය අය කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ උපස්ථායකයකු ලෙස සේවය කර ඇත. ඔහු තව දින කීපයකින් විශ‍්‍රාම යෑමට නියමිතව තිබුණි.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ

නිගමනය වූයේ මියගිය අය අධික පීඩනයකට පත්වීමත්, හෘද රෝගයෙන් පෙළීමත් නිසා මියගිය බවයි.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment