අවවාදය නොරිස්සූ සිසුන්ගෙන් පහර කෑ – ඔස්මානියා විදුහල් ගුරුවරයා රෝහලේ

188

පහරදුන් සිසුවාගේ පියාත් ගුරුවරයකුට පහරදී උසාවි ගිය අයෙක්

යාපනයේ ඔස්මානියා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ විනය කමිටුවේ ගුරුවරයෙකුට පහර දීම නිසා එම ගුරුවරයා තුවාල ලබා පෙරේදා (24 දා) රෝහල්ගත වී තිබේ.

සිසුන් පිරිසකට අවවාද කිරීමෙන් පසුව එම ගුරුවරයා සොයා පැමිණි සිසුන් පිරිසගෙන් එක් සිසුවෙකු විසින් ගුරුවරයාට පහර දී තිබේ. එසේ පහරදුන් ශිෂ්‍යයාගේ පියාද මීට මාස හයකට ඉහතදී තම පුතාගේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔස්මානියා පාසලේම වෙනත් ගුරුවරයෙකුට පහර දී තුවාල සිදුකොට අධිකරණය හමුවේ වරදකරුවකු වූ අයෙකි.

කෙසේ වෙතත් ඔස්මානියා පාසලේ විනය කමිටුවේ ගුරුවරයාට පහරදීමෙන් පසුව එම පාසලේ සෙසු ගුරුවරු බියට පත්ව ඇති අතර ඔවුන් තම ගුරු සංගම් නියෝජනය කරන ගුරු සංගම් වෙත මේ ප්‍රශ්නයට මැදිහත් වී විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. පහර කෑමට ලක් වූ ගුරුවරයා සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිලි කොට තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment