අවශ්‍යතාව මත සිව්වැනි එන්නත්  මාත‍්‍රාව දෙනවා – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

131

අවශ්‍යතාව අනුව කොවිඞ් මර්දන එන්නතේ් සිව්වන මාත‍්‍රාවක් ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍යහේමන්ත හේරත් මහතා ‘දිවයින’ට ඊයේ (17 දා) පැවසීය.

හතරවන මාත‍්‍රාවක් ලබාදීමට මේ වන විට ලෝකයේ විශාල ඉල්ලීමක් හෝ සූදානමක් නැතත් ඇතැම් රටවල් නිරෝධායන කි‍්‍රයාවලිය සඳහා යොමු කිරීමේදී විශාල මුදලක් අය කිරීම නිසා එන්නත්කරණය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද ඒ මහතා පැවසීය.

එය වඩාත් සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය විදේශ ගමන් සඳහා පිටත්වන පුද්ගලයන් වියදම් අවම කර ගැනීම සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටීම පහසුවක් බවද හෙතෙම කියා සිටියේය.

ඔමික්‍රෝන් ආසාදිත රෝගීන් රෝහල් ගතවීමේ අඩුවක් පැවතීම සහ ඔක්සිජන් අවශ්‍ය දැඩි සත්කාර රෝගීන්ගේද අඩුවක් පැවතියත් නරකම පැත්ත වන්නේ රෝග ලක්‍ෂණ රැසක ආසාදිතයන් සමාජයේ සිටීම බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

එවැනි පුද්ගලයන් හරහා නිවෙස්ගත දුර්වල පුද්ගලයන්ට මෙම රෝගය පැතිරී සංකූලතා ඇතිවී දැඩි සත්කාර සඳහාද යොමුවී අවසානයේ මියයෑමේ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව ඇති බවද මේ පිළිබඳව අවධානය යොමුකර රෝගය බෝවීමට ඇති ඉඩකඩ අවම කර ගැනීමට කි‍්‍රයා කළ යුතු බවද පැවසූ ඒ මහතා උණ වැනි රෝගී තත්ත්වයක් තිබේනම් පැය 48ක් ඇතුළත වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමු වීමෙන් ඩෙංගු හෝ වෙනත් රෝගයක්ද යන්න තහවුරු කර ගත හැකි බවද වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment