අවශ්‍යම මොහොතේ සවියක් වෙමින්  සම්පත් බැංකුව අපනයනකරුවන් දිරිගන්වයි

101

නව්‍යකරණ බැංකුකරණයේ ප්‍රමුඛයා වන සම්පත් බැංකුව ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින අර්බුධකාරී ආර්ථික තත්වය සමනය කර ගැනීමේ සුවිශේෂී පියවරක් ලෙස අපනයනය කර්මාන්ත ක්ෂේත්‍රය හා අපනයන ව්‍යාපාරිකයින් දිරි ගැන්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත. අපනයන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශ්වසනීය මූල්‍ය සහකරුවකු ලෙස නොඅඩුව සිය දායකත්වය ලබා දෙමින් ආර්ථිකය යථා තත්වයට පත් කිරීම සඳහා වන රජයේ ප්‍රයත්නයට මූල්‍ය මෙන්ම මූල්‍ය නොවන සේවාවන් තුළින් සිය උපරිම සහයෝගය ලබා දීම සම්පත් බැංකුවේ අපේක්ෂාව වී ඇත.

 ඒ යටතේ මූලික වශයෙන් දිවයින පුරා විසිරුණු සියලු සම්පත් බැංකු ශාඛාවන් තුලින් සෑම ප්‍රදේශයකම අපනයන කර්මාන්තය හා සම්බන්ධ ව්‍යාපාරිකයින් වෙත සිය සේවාවන් ලබා දීමට කටයුතු කර ඇති සම්පත් බැංකුව විශේෂිත කර්මාන්ත සඳහා කාර්මික අපනයන මධ්‍යස්ථාන ලෙස කටයුතු කරන ප්‍රදේශයන්හි විශේෂ ශාඛා ස්ථාපනය කිරීමටද කටයුතු කර ඇත. මෙම ශාඛා තුළින් ඔවුන්ට අවශ්‍ය සියලු බැංකු සේවාවන් මෙන්ම අන්තර්ජාල බැංකු පහසුකම් ලබා ගැනීමේ අවස්ථාවද අපනයන ව්‍යාපාරිකයින්ට උදාවේ.

 අපනයන ව්‍යාපාරයන්හි වර්ධනය වෙනුවෙන් එම ව්‍යාපාරිකයින් වෙත උපදේශන සේවා ලබා දීමට සම්පත් බැංකුව පියවර ගෙන ඇත්තේ 35 වසරකට වැඩි බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් ඔවුන් වෙත ගෙන යමිනි. මෙහිදී අපනයන වෙළෙඳපොල අත්පත් කරගන්නා ආකාරය, අලෙවිකරණ කටයුතු, ඇසුරුම්කරණය සඳහා සැපයුම්කරුවන් සොයා ගැනීම හා තත්ව සහතික ලබා ගැනීම වැනි අපනයනයකරුවන් මුහුණ දෙන පොදු ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම සම්පත් බැංකුව මඟින් ඔවුන් වෙත ලබා දෙනු ඇත.

 එසේම අපනයන ඉලක්ක කරගත් ව්‍යාපාර ආරම්භ කිරීමට අදහස් කරන ව්‍යවසායකයන් වෙත අවශ්‍ය මඟ පෙන්වීම් සිදු කිරීමට කටයුතු කර ඇති සම්පත් බැංකුව නැව්ගත කිරීමට පෙර මූල්‍යකරණය හා නැව්ගත කිරීමෙන් පසු මූල්‍යකරණය සඳහා අවශ්‍ය සේවාවන් ලබා දීමට කටයුතු කර ඇත. තවද අපනයන ව්‍යාපාරයන්හිදී ව්‍යවසායකයන් විසින් හසුරවනු ලබන ව්‍යාපාර ලියකියවිලි හැසිරවීමේ වගකීම භාරගනිමින් ව්‍යවසායකයින් වෙනුවෙන් එම ලියකියවිලිවලට අදාළ කටයුතු සිදු කිරීම සඳහාද සම්පත් බැංකුව අවධානය යොමු කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment