අවසන් අටේ සටනට කණ්ඩායම් තීන්දුයි

665

නෙදර්ලන්තය – ආර්ජන්ටිනාව
එංගලන්තය – ප්‍රංශය
ක්‍රොඒෂියාව – බ්‍රසීලය
මොරොක්කෝව – පෘතුගාලය

අවසන් අටේ සටනට කණ්ඩායම් තීන්දුයි

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටය හෙවත් අවසන් කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලැබීමට පෘතුගාලය සහ මොරොක්කෝව පෙරේදා (06 වැනිදා) රාත්‍රියේ දී සමත් විය.

ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය එනම් අවසන් කණ්ඩායම් 8 මේ වන විට තේරී පත්වී අවසන්ය.

එම කණ්ඩායම් 8 වන්නේ නෙදර්ලන්තය, ආර්ජන්ටිනාව, එංගලන්තය, බ්‍රසීලය, ප්‍රංශය, ක්‍රොඒෂියාව, මොරොක්කෝව සහ පෘතුගාලයයි.

මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් 8 සඳහා තේරී පත්වීමට පළමුව ඔවුහු මූලික වටය යටතේ තරග කර දෙවනුව පිළිමළුන් පිටුදැකීමේ වටය සඳහා සුදුසුකම් ලබා ගත්හ. ඒ අනුව අවසන් කණ්ඩායම් 16 වටයේදී තමන්ට හමු වූ ප්‍රතිවාදීන් පරාජය කර ඔවුන් මෙම අවසන් 8 සඳහා සුදුසුකම් ලබා ගත් අතර එම වටයේ තරග හෙට (09 වැනිදා රාත්‍රියේ දී ආරම්භ වීමට නියමිතය.

එහිදී පළමු තරගය ලෙස බ්‍රසීලය සහ ක්‍රොඒෂියාවත් ඉන් අනතුරුව ලබන සෙනසුරාදා නෙදර්ලන්තය සහ ආර්ජන්ටිනාවත්, මොරොක්කෝව සහ පෘතුගාලයත් තරග වදිනු ඇත.

අර්ධ අවසන් පූර්ව තරග වටය යටතේ අවසන් තරගය ලබන ඉරිදා එංගලන්තය සහ ප්‍රංශය අතර පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment