අවසන් එකගතාවකට සෙසු පක්ෂ සමග සාකච්ඡා කරනවා

180

අලුතින් පිහිටුවන අන්තර් පාලන රජයක අවසන් එකඟතාවකට එළඹීමට තවදුරටත් විපක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සමග සාකච්ඡා කර උත්සාහ කරන බව ඊට පත් කර ඇති මෙහෙයුම් කමිටුවේ සාමාජික හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

එවැනි පාර්ශ්ව සමග වන සම්මුතියකින් නව අගමැතිවරයා පත් කිරීම සිදුවනු ඇතැයි ද ඇතැම් විට එහිදී අප නොසිතන කෙනෙකු ‘අගමැති’ විය හැකි යැයි ද ඔහු කීවේය.

දැනට අන්තර් පාලන ආණ්ඩුවකට විරුද්ධත්වය පළ කර ඇති සජබ, ජවිපෙ සමග ද යළි සාකච්ඡා කරන අතර එජාපය හා සෙසු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයන් සමග ද මේ අනුව යළිත් ඉතා ඉක්මනින් සාකච්ඡා කෙරෙනු ඇති බව ද ඔහු කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment