අවසන් පිතිකරුවෝ තිදෙනා ගාල්ල දිනවති

317

ජාතික සුපර් ලීග් ක‍්‍රිකට් තරඟාවලිය යටතේ දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී ඊයේ (04 වෙනිදා ) පැවති තරගයේ දී ගාල්ල ක‍්‍රිකට් කණ්ඩායමේ අවසන් පිතිකරුවන් තිදෙනා දැක්වූ දක්ෂතා හේතුවෙන් කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 44 ක පහසු ජයග‍්‍රහණයක් ලබාගැනීමට ගාල්ල කණ්ඩායම සමත් විය.

ගාල්ල කණ්ඩායම පන්දුවාර 49.1කදී සියලූ දෙනා දැවී ලකුණු 225ක් ලබාගත් අතර කොළඹ කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 181ක් පමණි.

කාසියේ වාසිය ජයග‍්‍රහණය කර ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ගාල්ල ක‍්‍රිකට් කණ්ඩායමේ කඩුලූ 8ක් ලකුණු 103කට දැවී ගොස් තිබියදී අංක 10 සහ අංක 11 පිතිකරුවන් සමග එක්ව අර්ධ ශතක ඉක්මවූ ලකුණු සම්බන්ධතා පැවැත්වීමට කනිෂ්ක අංජුල සමත් වූවේය. අංක 10 පිතිකරු අකිල ධනංජය සමග එක්ව ලකුණු 53ක සම්බන්ධතාවයක් පිහිටවූ කනිෂ්ක අංජුල, චලන ද සිල්වා සමග එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සම්බන්ධතාවක් පැවැත්වූහ. ගාල්ල කණ්ඩායමේ ජයග‍්‍රහණය වෙනුවෙන් මහත් දායකත්වයක් ලබා දුන් එම සම්බන්ධතාවයන් පිහිටවූ කනිෂ්ක අංජුල ලකුණු 75ක් ලබා ගත් අතර ඔහු ගාල්ල කණ්ඩායමේ අංක 9 පිතිකරු විය. කනිෂ්කගේ ලකුණු 75 පන්දු 73ක් තුළදී වාර්තා වූ අතර ඊට හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

ලකුණු 226 ක ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප‍්‍රමාණයක්

රැුස් කිරීමට ලහිරු මධුශංක සමත් වූ අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 42 කට දැවී ගියේය. ලහිරු මධුසංඛ පන්දු 56 කදී ලකුණු 43ක් ලබා ගත් අතර නායක දිමුත් කරුණාරත්න පන්දු 58 කදී ලකුණු 42ක් ලබාගත්තේය. දෙදෙනාම ඒ සඳහා හතරේ පහරවල්

6 බැගින් එල්ල කර තිබිණි.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ චලන ද සිල්වා කොළඹ කණ්ඩායමේ කඩුලූ තුනක් ලකුණු 27 කට දවා ගත් අතර ප‍්‍රියමාල් පෙරේරා ලකුණු නමයක් තුළදී කඩුලූ දෙකක් දවා ගත්තේය.

ලකුණු සාරාංශය

ගාල්ල ක‍්‍රිකට් කණ්ඩායම

ලකුණු 225 (49.1)

කනිෂ්ක අංජුල 75, චලන ද සිල්වා 27, අකිල ධනංජය 22

පන්දු යැවීම

ලහිරු මධුසංඛ 18-2, හිමේෂ් රාමනායක 51-2, තරිඳු රත්නායක 64-2, කළන පෙරේරා 45-2

කොළඹ ක‍්‍රිකට් කණ්ඩායම

ලකුණු 181 (45.5)

ලහිරු මධුසංඛ 43, දිමුත් කරුණාරත්න 42

පන්දු යැවීම

චලන ද සිල්වා 27-3, ප‍්‍රියමාල් පෙරේරා 9-2

advertistmentadvertistment
advertistmentadvertistment