අවසන් මහා තරගයේදී වාර්තා පොත අලුත් වෙයි

294

නිමාවට පත්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් 104,859 දෙනකු අහ්මදාබාද්  ක්‍රීඩාංගණයට පැමිණ තිබේ. ඒ අනුව ක්‍රිකට් ඉතිහාසය පුරා තරගයක් නැරඹීම වෙනුවෙන් පැමිණි වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙස එය වාර්තා පොතට එක්වී තිබේ.

 මීට පෙර 1992 ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීම සඳහා සහභාගි වූ ප්‍රේක්ෂක සංඛ්‍යාව තරගයක් නැරඹීම සඳහා පැමිණි ඉහළම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙස වාර්තා පොතට ඇතුළත්ව තිබූ අතර ඒ ප්‍රේක්ෂකයන් 87,812ක් ලෙසිනි.

 මේ අතර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වේගවත්ම පන්දුව යොමු කිරීමට ගුජරාට් ටයිටෑන්ස් කණ්ඩායමේ ලොකී ෆර්ගසන් සමත්විය. එහි වේගය පැයට කිලෝමීටර් 157.3ක් ලෙස සඳහන් වූ අතර මීට පෙර පැයට කිලෝ මීටර් 157ක වේගයෙන් පන්දුවක් යොමුකරමින් එම වාර්තාවට හිමිකම් කීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ උම්රාන් මලික් සමත්වී සිටියේය.

 ලෝකයේ විශාලම ජර්සිය නිර්මාණය කරමින් ගිනස් වාර්තා පොතට ඇතුළත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හැකියාව ලැබිණි. අයි.පී.එල්. අවසන් මහා තරගයට පෙර එම ජර්සිය අහ්මදාබාද් ක්‍රීඩාංගණයේ ප්‍රදර්ශනය කෙරණු අතර එම ජර්සිය මගින්  ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම වැසී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment