අවසන් හතරට එන්න මුම්බායි සහ කල්කටා තියුණු තරගයක

437

අයිපීඑල් තරගාවලියක වැඩිම පන්දු ප‍්‍රමාණයක් අතැතිව ජයගත් පස්වැනි තරගය පෙරේදා (05 වැනිදා) රාජස්ථාන් රෝයල්ස් සම`ග පැවැති තරගය බවට පත් කළ මුම්බායි ඉන්දියන්ස් ක‍්‍රීඩකයෝ 2021 අයිපීඑල් තරගාවලියේ අවසන් වටය සඳහා සිය බලාපොරොත්තු ඇතිකර ගැනීමට සමත් වූහ.

එම තරගයට පෙර අයිපීඑල් තරග ප‍්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසු වූ මහේලගේ පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් ක‍්‍රීඩකයෝ පෙරේදා (05 දා) ලද ජයග‍්‍රහණයත් සමග ප‍්‍රසාද ලකුණු සටහනේ 05 වැනි ස්ථානයට ළ`ගා වූහ.

ඒ අනුව ප‍්‍රසාද ලකුණු සටහන් 04 වැනි ස්ථානයේ සිටින කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර අවසන් කණ්ඩායම් හතර අතරට පැමිණීමට තියුණු තරගයක් නිර්මාණය වී ඇත. කණ්ඩායම් දෙකම තරග 13 කට බැගින් සහභාගී වී තරග 6 බැගින් ජය ගෙන, 07 බැගින් පරාජය වී ප‍්‍රසාද ලකුණු 12 බැගින් හිමි කරගෙන සිටී.

දිල්ලි කැපිටල්ස්, චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පිළිවෙළින් එක, දෙක සහ තෙවැනි ස්ථානවල පසු වේ. මුම්බායි කණ්ඩායමට හෙට (08 දා) සන්රයිසස් හයිද්‍රාබාද් සමග තරගය පැවැත්වෙන අතර කලකටා කණ්ඩායම අද (07 දා) රාජස්ථාන් රෝයල්ස් සම`ග සටනට පිවිසීමට නියමිතය.

රාජස්ථාන් රෝයල්ස් සම`ග පෙරේදා පැවැති තරගයේදී රෝයල්ස් ඉනිම ලකුණු 90 කට සීමා කළ මුම්බායි ක‍්‍රීඩකයෝ පන්දුවාර 8.2 ක් තුළ කඩුලූ 2 ක් දැවී ජයග‍්‍රහණය ලබා ගත්හ. පන්දු යැවීමේදී ලකුණු 14 කට කඩුලූ 4 ක් දවා ගත් නේදන් කුල්ටර් හීල් තරගයේ වීරයා බවට පත් විය.

ලකුණු සාරාංශය

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 90 (එවින් ලූවිස් 24) පන්දු යැවීම (නේදන් කුල්ටර් හීල් 14-4, ජස්ප‍්‍රිට් බුම්රා 14-2 ජේම්ස් නීෂම් 12-3) මුම්බායි කණ්ඩායම කඩුලූ 2 ක් දැවී ලකුණු 94. ඉෂන් කිෂාන් නොදැවී 50.

advertistmentadvertistment
advertistmentadvertistment