අවසර නැති අයට අද ගෝල්ෆේස් තහනම්

114

75 වැනි ජාතික නිදහස් සමරු දින උත්සවය පැවැත්වෙන අද (04 දා) දිනයේදී එම උත්සව කටයුතු අවසන් වනතුරු අවසර නොලත් සාමාන්‍ය ජනතාවට ගාලු මුවදොර පිටිය හා ඒ අවට ප්‍රදේශවලට ඇතුල්වීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03දා) තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම නිදහස් උත්සවයට දේශීය හා විදේශීය සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිත බවත් සාමාන්‍ය ජනතාව එම ප්‍රදේශවලට ඇතුල්වීමෙන් උත්සව සංවිධාන කටයුතුවලට බාධාවක් විය හැකි බවත් ආරාධිත අමුත්තන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි බවත් පෙන්වාදෙමින් කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment