අවස්ථා දෙකකදී වැඩිකළ බස් ගාස්තු අඩු නොකළොත් අධිකරණයට යනවා

111

අවම ගාස්තුව රු. 30 කරන්න කිව්වත් ඇහුවේ නෑ
– සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ සභාපති

අවස්ථා දෙකකදී වැඩිකරන ලද බස් ගාස්තුව අඩුනොකරන්නේ නම් සහ බස් ගාස්තු මිල සූත්‍රය හෙළිදරව් නොකරන්නේ නම් ලබන සතියේ සමස්ත මගී ජනතාව සමග සහනය පතා අධිකරණයට යන බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ සභාපති විමුක්ති දුෂාන්ත මහතා ‘දිවයින’ට ඊයේ (21 දා) පැවසීය.

බස් ගාස්තු සංශෝධනය විiාත්මක පදනමක් යටතේ අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතාකළ විමුක්ති දුෂාන්ත මහතා මෙසේද කියා සිටියේය.

කොරෝනා කාලයේ බස් ගාස්තුව වැඩි කළා. ඊට පස්සේ දැන් ඉන්ධන මිල වැඩිවුණා කියලා බස් ගාස්තුව වැඩිවුණා. මගී ජනතාව දැන් මේකෙන් බැට කනවා. අවම බස් ගාස්තුව 30 කරන්න කිව්වත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇහුවේ නැහැ. කොන්දොස්තරවරුන් රුපියල් 10, 5, 2 ඉතිරි මුදල් දෙන්නේ නැහැ. ජාතික ගමනාගමන කොමිසමේ බස් ගාස්තු සංශෝධනය අපි පිළිගන්නේ නැහැ. බස් සංගම් කෑගහන සැරේට බස් ගාස්තු වැඩි කිරීම අසාධාරණයි. අපි කියන්නේ අර මොරටුව විශ්වවිiාලය සකස් කළ බස් ගාස්තු මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න කියලයි.

මගියාගෙන් මුදල් හූරාගෙන කෑම නතර විය යුතුයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment