අවාබායි වාඩියා: ඉන්දියාවේ  පවුල් සැලසුම්කරණයේ පුරෝගාමියා වූ ලාංකික නීතිඥවරිය

419

සාරි හැඳගත් මේ යෞවනිය 1933 දී ජාත්‍යන්තර සිරස්තලයක් බවට පත්වූ තැනැත්තියකි. දහනව හැවිරිදි අවාබායි වාඩියා එක්සත් රාජධානියේ දී නීති විභාගය සමත් කළ පළමු ලාංකික කාන්තාව යි. ඇගේ සාර්ථකත්වය, ලංකාවේදීම නීතිය හැදෑරීම සඳහා කාන්තාවන්ට ඉඩ සැලසීමට ලංකා රජය දිරිමත් කළේ ය.

 වාඩියා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ රජයේ ප්‍රතිපත්ති වෙත බලපෑම් එල්ල කළ එකම අවස්ථාව මෙය නොවේ. 2005 වසරේ දී මියයන විට ඇය පවුල් සැලසුම් ව්‍යාපාරයේ ලෝ ප්‍රකට හා ගෞරවාදරයට පාත්‍රවූ චරිතයක් බවට පත්ව සිටියා ය. ඇය කාන්තාව සමාජයීය වශයෙන් නඟාසිටුවීම සඳහා කැපවීමෙන් කටයුතු කළ අතර ඇගේ නීතිඥ පසුබිම ද ඊට පිටුබලයක් විය. වාඩියා උපන්නේ 1913 වසරේ කොළඹ දී, ප්‍රගතිශීලී පාර්සි පවුලකට ය. නීතිඥවරියක් ලෙස සුදුසුකම් ලැබීමෙන් පසු ඇය පිරිමින්ගේ අවතක්සේරු කිරීම් හා වෙනස්කොට සැලකීම් නොතකා ලන්ඩනයේ සහ කොළඹ සේවයේ යෙදුනා ය.

 දෙවන ලෝක සංග්‍රාම සමයේ දී ඉන්දියාවේ බොම්බේ නගරයට (දැන් මුම්බායි) පදිංචිය සඳහා ගිය ඇය නිතර සමාජ සේවයේ නිරතවූ නමුත්, පවුල් සැලසුම්කරණය යනු තමාගේ ප්‍රියතම විෂය බව හඳුනාගත්තා ය.

 “මම ජීවන වෘත්තීය ලෙස කළ වැඩකටයුතු මම සොයාගියේ නැහැ, ඒවා මා සොයාගෙන ආ බව පෙනෙන්නට තිබුණා,” ඇය සිය ස්වයං චරිතාපදානය වන The Light is Oursys සඳහන් කර තිබුණි. “නීතිගන වෘත්තියේ ඉදිරියට නොයෑම නාස්තියක් ලෙස මට දැනුණේ නැහැ, මන්ද නීතිය මා කළ සෑම දෙයකම ශක්තිමත් අංගයක් වුණා.”

 සමාජයෙන් පිටමං කිරීමේ අවදානම ද නොතකා වාඩියා පවුල් සැලසුම්කරණය වෙනුවෙන් කැපවුණා ය. 1949 දී ඇය ඉන්දියානු පවුල් සැලසුම් සංගමය (FPAI)  පිහිටුවීමට සහාය දුන්නී ය. ඇය වසර 34ක් පුරාවට එහි නායකත්වය ද දැරුවා ය.

advertistmentadvertistment
advertistmentadvertistment