අවාරයේ තනිව සිරිපා කරුණා කළ අපේ කාලයේ දිරිය දියණියක්!

1279

‘‘ෂනුලි නිල්නයනි යුවතිය අවාරයේ සිරිපා කරුණා කළාය. ඒ තනිවමය.
28 හැවිරිදි ඇයගේ ගමන ගැන ෂනුලි මුහුණුපොතේ සටහනක් ද තැබුවාය.
මේ ෂනුලි එහි තබා ඇති සටහනකි.’’

මේ ගමන ගැන ලියද්දීම දන්නවා බොහෝ දෙනෙක්ගෙන් බැනුම් නම් අහන්න වෙනවා කියලා. එක පාරටම වගේ හිතට ආපු නිසා තනියම ඉන්න ඕන කමත් නිසාම අවාරේ සිරිපා කරුණා කරන්න හිතුනා. වෙනදා වගේම මන් ගැන මට තියන විස්වාසෙ එක්ක මට ඕන වුණේ නිස්කලංකව සමනල අඩවියේ සැරි සරන්නයි ඉතින් දවස් දෙකක් ඇතුළත කොළඹ ඉඳලා කුරුවිට එරත්න පාරෙන් උඩමළුවට යන ගමන් විස්තර එකතු කරගත්තා. ඒ වෙනුවෙන් ‘‘සමනළ කන්ද රසික එකමුතුව” සමූහය ගොඩක් ප‍්‍රයෝජනවත් වුණා වගේම ගොඩක් අය මට ගමනේ මුල ඉඳන්ම විස්තර දුන්නා. ඒ හැමෝටම ගොඩක් පින්.

අවාරයේ තනිව සිරිපා කරුණා කළ අපේ කාලයේ දිරිය දියණියක්!

සිකුරාදා ඔෆිස් එකෙන් ගෙදර ඇවිත් 12 විතර වෙනකොට මන් ගමනට ලෑස්ති වුණා. ගෙවල් කිරිබත්ගොඩ නිසා කොළඹ බස් ස්ටෑන්ඞ් එකටම ඌබර් එකක් දාගත්තා. කොළඹ ප‍්‍රයිවට් බස් ස්ටෑන්ඞ් එකෙන් බදුල්ල බස් එකකින් තමා මම කුරුවිටට ආවෙ (රත්නපුර බස් එකෙත් එන්න පුළුවන්) පැය දෙකක් තුනක් ඇතුළත කුරුවිටින් බැහැගන්න පුළුවන් වුණත් මම වේලාසන වැඩි නිසාම සෙනසුරාදා පොළ නිසා එළවළු කඩයක කට්ටිය එක්ක විස්තර කතා කර කර තේකක් බොන්නත් මට පුළුවන් වුණා.

මට නැවතුමක් නැතුව උඩමළුවටම යන්න ඕන නිසා කුරුවිටින් පාන්දර 6 ට මම ත‍්‍රීවීල් එකක් ගත්තා. මගෙන් ගත්තෙනම් 500 යි. ඒ වුණාට සාමාන්‍ය ගාන නම් 800 විතර වෙනවලූ. එහෙමත් නැත්නම් 6:20 ඉඳලා බස් තියනවා කුරුවිට ස්ටෑන්ඞ් එකෙන් අඩවිකන්ද කියලා. ඒකෙන් ගිහින් එරත්නින් බහින්න පුළුවන්. එරත්න ඉඳලාත් පොඩි දුරක් තියනවා. ඒ තැනට ගූගල් එකේ Sri padaya- Kuruvita Erathna trail කියලා සර්ච් කළාම එනවා.

උදේ 6:30 වෙනකොට ස්ටාර්ටින් පොයින්ට් එකෙන් මන් ගමන් පටන් ගත්තා. කෝකටත් කියලා රෑ ඉන්න වුණොත් කන්න එහෙම මං වැඩිපුර කෑම වගේම හදිස්සියකට ඕන කරන දේවල් First Aide එහෙමත් අරගෙන තමා ගියෙ.

පාර හොයාගන්න එතරම් අපහසු වුණේ නෑ. වැස්ස එක්ක පොඩි පොඩි දිය පාරවල් ගොඩක් ලොකුවට තිබුණා. සමහර අවස්ථාවල කැලේ කොටස වැඩි වෙනකොට සත්තුන්ගෙ හ`ඩ එක්ක පපුවත් හයියෙන් ගැහෙන්න ගත්තා. ඒ හැම වෙලාවෙම හිතින් හිතුවෙ ගෙදරින් එනකොට අතට ගත්තු මගෙ බාරෙයි අයියගෙ බාරෙයි කොහොම හරි උඩ මළුවට අරගෙන යනවා සමන් දෙවිඳුගෙ පිහිටත් ආරක්ෂාවත් එක්ක මම සිරිපා වඳිනවා කියලා.

ගමන පටන්ගද්දිම නඩයක් හම්බ වුණා මල්ලිලා හතරක්. එයාලා හැරමිටිපාන අම්බලමෙ නැවතිලා යනවා කිව්වා. මම එයාලා පහු කරගෙන දිගටම අඩිය ඉක්මනින් ආවෙ 3 වෙද්දී වගේ මළුවට කරුණා කරන්න.

‘‘කුරුවිට එරත්න පාරෙන් කරුණා කරන කෙනෙක්ට

  1. කැකුණහින්න 200m
  2. ජම්බල ගහ යට අම්බලම 1.5 km
  3. ඩයිමාන් ගල අම්බලම. 2.3 km
  4. වර්ණගල අම්බලම. 2.6 km
  5. තුම්මෝදර අම්බලමට, සීත ග`ගුලට. 4.5 km
  6. මැද හින්න අම්බලම. 7 km
  7. ඉදිකටු පාන. 8.2 නප
  8. හැරමිටි පාන ගල් වංගෙඩිය. 9.2 km
    (රත්නපුර මාර්ගය කුරුවිට මාර්ගය එකතු වෙන ස්ථානය)
  9. ශ‍්‍රීපාද මළුවට. 14 km”

(උපුටා ගන්නා ලදි)

මමත් මේක බල බල දුර ප‍්‍රමාණය අනුව වෙලාව බැලන්ස් කරගෙන තමා ගියේ. නැවතිලා කන්න වුණත් මන් ගත්තෙ විනාඩි 10 කටත් අඩු කාලයක්. වැදගත්ම දේ මම ගූගල් එකේ සමනල අඩවිය මුළු කොටසම Offline map එක සේව් කරගෙන ගියා. ගමන පටන් ගන්න මොහොතකටත් කලින් අන්තිමට ඬේටා තිබ්බ වෙලාවෙත් ආයෙම සේව් කරගත්තා.

උදේ 6:30 ට ගමන පටන්ගත්තු මම සීත ග`ගුල ගාවට එද්දි 9:35 වගේ වුණා. එතන ඉඳලා උඩ මළුවට එන්න වැස්ස එක්ක ටිකක් වෙලා ගියා. මහන්සියත් හොඳට තිබුණා. කොරෝනා එක්ක ඇවිදින ගමන් සේරම නැවතිලා තිබුණ නිසා එකපාරම ලොකු දුරක් නිසාත් කොරෝනා දෙපාරක් පොසිටිව් වුණ නිසාත් දුර්වල වෙලා වගේ වැඩිපුර මහන්සි දැනුනා.

අවාරයේ තනිව සිරිපා කරුණා කළ අපේ කාලයේ දිරිය දියණියක්!

කොහොමින් හරි උඩමළුවට කරුණා කරපු මම ඉහවහා ගිය හිතේ සතුටත් අසීමිත භක්තියත් එක්ක මුනි සිරිපා වැඳපුදාගෙන බාර හාරත් කළා.

උඩමළුවට ඒ වෙනකොටත් නඩ කීපයක්ම කරුණා කරලා තිබුණා. එතනිනුත් කිහිප දෙනෙක්ම මාව අඳුනගෙන ඇවිත් කතා කළා හැමෝටම ස්තුතියි. ඒ විදිහට උඩ මළුවෙ පැයක් හිටපු මගේ ආපහු එන ගමන් මාර්ගය වුණේ නල්ලතන්නිය මාර්ගයයි. මළුවේ ඉඳලාම නල්ලතන්නියට වෙනකල් නඩ දෙකක් මන් එක්කම පහළට කරුණා කළා. රතු අම්බලම කිට්ටුවට එද්දි රෑ වෙලා තිබුණ නිසා අපි හැමෝම එතන නැවතුනා. කෑම ළඟ තිබුණත් එක නඩයක වෙනස්ම විදිහකට හදපු රසම රස කොත්තුමී මැගී දෙවන බත නූඞ්ල්ස් එකක් හිනා වෙවී රස බලන්නත් තව නඩයක රසම රස උණු කෝපි එකක් රස බලන්නත් මට පුළුවන් වුණා. තවත් පැය කිහිපයක් මහන්සිය ඒ විදිහට නිවාගෙන පාන්දරම පිටත් වුණේ උදේ 7 ට කොළඹට පිටත් වෙන බස් එකේ ආපහු පරිස්සමෙන් ගෙදර එන්නයි. සමහර ෆොටෝ ගත්තෙනම් වෙන කවුරුත් නෙමේ ෆෝන් එක ගල්වල හේත්තු කරලා කෝටු කෑලි ගහලා ටයිමින් තියලා එහෙම. ස්ටික් එකක්වත් ගෙනියන්න තිබ්බෙ නැති නිසා.

කෙල්ලෙක් විදිහට තනියම ගියපු මේ ගමන මට අලූත් අත්දැකීමක් ජීවිතයට එකතු කළා.

ෂනුලි නිල්නයනී

advertistmentadvertistment
advertistmentadvertistment