අවිදුර දෘෂ්ටිකත්වය හඳුනා ගැනීම

706

අවිදුර දෘෂ්ටිකත්වය යනු අන්ධභාවයට පත්වීම නොවේ. ඒ නිසා අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන දරුවනට බ්‍රේල් අකුරු පුවරුව හුරු කිරීම නොකළ යුතුය. ඔවුනට ඇත්තේ දුර නොපෙනීමේ දුර්වලතාවක් බැවින් මතුව ඇති පෙනීමේ දුර්වලතාවය අනුව ප්‍රතිකාර කළ යුතුයි.

අවිදුර දාෂ්ටිකත්වයට (Low vision) පත්ව සිටින පුද්ගලයින් ගණන ලෝකයේ මිලියන 128 ක් පමණ සිටිති.

මෙම පිරිසට ඇසට සැත්කමක් සිදුකර හෝ ඇස් කණ්ණාඩි වැනි උපකරණ භාවිතයට ලබාදී යළි සාමාන්‍ය තත්ත්වයට ඇස්වල පෙනීම පත් කළ නොහැකිය.

අවිදුර දෘෂ්ටිකත්වය

නිරෝගී පෙනීම සහිත ඇස් දෙකක් ඇති අයෙකුට පෙනීම පරීක්ෂා කරන කළු සුදු පුවරුව මීටර් 18 ක දුර සිට කියවිය හැකිය.

එම දුර ප්‍රමාණයේ සිට දෑසින් කළු සුදු පුවරුව කියවිය නොහැකි නම් එම පුද්ගලයා අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන බව සලකනු ලබයි.

ඔවුනට කළු සුදු පුවරුව දෑසින් කියවිය හැක්කේ අවම වශයෙන් මීටර් 6 ක පමණ දුරක සිටය. එසේම ඔවුනගෙ පරතර පෙනීම පවතින්නේ අංශක 20 ක පමණ ප්‍රමාණයකි.

අවිදුර දෘෂ්ටිකත්වයට බලපාන හේතු

ඇතැම් පුද්ගලයිනට අවිදුර දෘෂ්ටිකත්වය උපතින්ම ඇති වේ. ඒ සඳහා බොහෝවිට මව ගැබිනි සමයේදී රුබෙල්ලා රෝගයට ගොදුරුවීම බලපානු ලබයි. ඊට අමතරව ඇසේ ස්නායුවල හටගත් දුර්වලතාවක්. දියවැඩියා රෝගය නිසා ඇති වූ දුර්වලතාවක් ග්ලෝකෝමා රෝගයේ බලපෑම නිසා හටගත් අතුරු ආබාධයක් ලෙස අවිදුර දෘෂ්ටිකත්වයට පත්වීම ආදී හේතු මේ සඳහා බලපායි.

ප්‍රතිකාර

අවිදුර දෘෂ්ටිකත්වය යනු අන්ධභාවයට පත්වීම නොවේ. ඒ නිසා අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන දරුවනට බ්‍රේල් අකුරු පුවරුව හුරු කිරීම නොකළ යුතුය. ඔවුනට ඇත්තේ දුර නොපෙනීමේ දුර්වලතාවක් බැවින් මතුව ඇති පෙනීමේ දුර්වලතාවය අනුව ඇස් කණ්ණාඩි යුවළක් පැළඳීම. අකුරු විශාලකර බැලිය හැකි විශේෂ කාචය සහිත කණ්ණාඩියක් භාවිතය CCTV නමැති විශේෂ අක්ෂි කැමරා භාවිතය ඇතුළු නවීන උපකරණ වර්තමානයේ ඒ සඳහා යොදා ගනු ලබයි.

මෙය නිසි වෛද්‍ය පරීක්ෂාවකින් පසු පවතින පෙනීමේ දුර්වලතාවය හඳුනාගෙන ඊට ගැලපෙන පරිදි අදාළ උපකරණ භාවිතයට යොදාගත හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0112682277 ඇමතිය හැකිය.

අවිදුර දෘෂ්ටිකත්වය හඳුනා ගැනීම

අයිකෙයාර් දෘෂ්ඨි විශේෂඥ විදුහලේ
අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ දෘෂ්ඨි විශේෂඥ නරේෂ් ප්‍රදාත්

advertistmentadvertistment
advertistmentadvertistment